9/18/16


මෙවර හිරැ සම්මාන උළෙලට එක් වූ අලුත්ම සම්මානයක් තමයි අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නළු නිළි සම්මානය. මෙහිදී අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නිළියට හිමි සම්මනය ලබාගත්තේ ජනප්‍රිය තරැණ රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද්. ඒකයි අපි දිනක්ෂිටත් ඉඩක් දුන්නේ.

 
අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නිළියට හිමි සම්මනය ලැබුණේ ඔබට මොකද හිතුණේ?
ඇත්තටම සතුටුයි. මට දැනට ලැබුණු හොඳම සම්මානය තමයි මේ. හොඳ දිරිගැන්වීමක්
 


තවම තරුණයි නේද?

ම්... නෑ මම හිතන්නේ දැන් වයසට ගිහිල්ලා.

කාගේ හරි ආදරයක් තිබුණා නම් හොඳයි කියලා හිතුණු වයස මතකද?
මතකයි. අවුරුදු 18දී වගේ.

 ඒ කාලේ කීදෙනෙක් විතර පස්සෙන් ආවද?
කැමැති අය හිටියා. ඒත් අහන්න බයයි තාත්තා නිසා. එයාලා හිතුවේ තාත්තා වෙඩි තියයි කියලා.

එතකොට ආදරේ කරලම නැද්ද?
නෑ. නෑ. ආදරේ කළා.


කාලෙකින් දැක්කේ නැහැ, මොකද නිහඬ වෙලා?

මම ගිය අවුරුද්දේ මහරජ අජාසත් චිත්‍රටපයේ චරිතයක් කළා. තවත් චිත්‍රපටයක් එන්නත් තියෙනවා.
ජනප්‍රිය කෙනෙක් වුණාම ලස්සනට ඉන්න ඕනනේ.

ඒ වෙනුවෙන් මොනවද කරන්නේ?
ලස්සන වෙනවට වඩා තියෙන ලස්සන පොලිෂ් කරගන්න මම උත්සාහ කරනවා. ශරීරය ගැන හිතනවා. ඒ වගේම අවශ්‍ය විදියට ගැළපෙන විදියට ව්‍යායාම කරන්නත් ඕනෑ.

9/16/16


පසුගියදා පැවති "හිරු ගෝල්ඩන්" සිනමා සම්මාන උලළේදී වසරේ අනාගත බලාපොරොත්තුවට හිමි සම්මානය දිනාගත් නව පරපුරේ ජනප්‍රිය යොවුන් නිළි දිනක්ෂි ප්‍රියසාද් සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ ඇරඹුවෙමු.

 



පුවටෝ රිකෝහි රූ රැජින ලෙස තේරුණු ඇයට පසුව එම කිරුළ අහිමිවූයේ ඇගේ හැසිරීම හේතුවෙනි. කිරුළ නැවත ලබාගැනීමට අධිකරණයේ පිහිට පැතුවද ඇයට ඒ සඳහා ඉඩක් නොලැබිණි. විශ්ව රූ රැජින තරගය සඳහා තම රට නියෝජනය කරන්නට තේරුණු ක්‍රිස්තිලී කැරීඩ් නම් ඇය තම හැසිරීම තුළින් රටේ විශ්වාසය කඩකළ බව මෙහිදී ඇගේ ඉල්ලීම ඉවත දමමින් විනිසුරුවරයා පවසා තිබේ.


ජනප්‍රිය නිලි නදීශා හේමමාලි විවාහ ගිවිසගෙන තිබේ. ඒම උත්සවය ඉතා චාම් ලෙස ඊයේ පැවැත්වී අැත.නදීශාගේ ජීවන සහකරු  නමින් බාතිෂය.



හිරු සිනමා සම්මාන උලෙළ පසුගිය 11 වැනිදා බොලිවුඩ් තරු පිරිවරා නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. 2014 සහ 2015 දෙවසර තුළ මෙරට තිරගත වූ සිංහල චිත්‍රපට හා ඒ වෙනුවෙන් දායක වූ ශිල්පීන් ශිල්පිනියන් එහිදී සම්මානයට පාත්‍ර වූයේ, මේ අයුරිනි.

හොඳම චිත්‍රපටය - හෝගානා පොකුණ
හොඳම අධ්‍යක්ෂණය – ප්‍රසන්න විතානගේ (ඔබ නැතුව ඔබ එක්ක)
හොඳම නිළිය - කෞෂල්‍යා ප්‍රනාන්දු (බොරදිය පොකුණ)
හොඳම නළුවා - සරත් කොතලාවල (තණ්හා රති රඟා)
ජනප්‍රිය ළමා නළුවා - ත්‍රිශාක්‍ය කුමාරණතුංග (හෝගානා පොකුණ)
ජනප්‍රියම නළුවා - හේමාල් රණසිංහ (ප්‍රවේගය)

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews