2/16/16



මෙම දෝෂ පණිවිඩය බොහෝ දුරට එන්නේ පරිගණකයේ මෙහෙයුම් පර්ධතික රෙපෙයාර් කිරීමෙන් හෝ නැවත මෙහෙයුම් පර්ධතික අලුතින් ස්ථාපනය කිරීමෙන් පසුවය.හාඩ් ඩික්ස් එකේ වෙනත් පාටිෂන් වල තිබෙන තොරතුරු නැවත Open කිරීමට ඉඩ දෙන්නේ නැත.චිත්‍රපටි,ගීත,ඩොකියුමන්ස්,මෘදුකාංග වැනි සියලු තොරතුරු Open කිරීමට නොහැකිය.අන්තර්ජාලයෙන් බාගත්ත Movie ටික වැඩ කරන්නෙ නැති උනොත් මොන වගෙ හැගීමක් එනවද කියල අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.ඔන්න ඒකට සාර්ථක විසදුමක් හොයා ගත්තා සමහර අය දැනටමත් මෙම ක්‍රමය දන්නවත් ඇති.

                                                       Access is denied
                      D:\folder\windows\Desktop is not accessible


ඒත් බොහෝ සහෝදර සහෝදරියො මෙම විසදුම දන්නේ නැත.ඒකට ඔයාල ළග තියෙන Ubuntu CD එකෙන් මෙම දෝෂ පණිවිඩය නිරාකරණය කරගැනීමට පුලුවන්.ඉතා සරල ක්‍රමයයි තියෙන්නෙ ඔබේ  Ubuntu CD එක පරිගණකයේ Boot කරන්න. Ubuntu සම්පූරණයෙන් ස්ථාපනය කරන්න යන්න එපා.  Try පමණක් කරන්න.ඉන්පසු එම පාට්ෂන් එකේ තිබෙන සියල් තොරතුරු ඔබ Format කරපු පාටිෂන් එකට Cut කර පේස්ට් කරන්න.සමහර විට ඔබට මෙම සිද්ධිය දෙවරක් හෝ තුන්වරක් කිරීමට පුලුවන.මොකද අනෙක් පාටිෂන් වල තිබෙන තොරතුරු ධාර්තාවෙන් වැඩියිනෙ.

සමහර යහලුවන් ලග Ubuntu CD නැතිවෙන්න පුලුවන් එවිට ඔබ කල යුත්තේ ඔබ‍ගේ දන්නා අදුරන කෙනෙක්ගෙන් හෝ වෙළද පලෙන් මිලදී ගැනීමයි.මම හිතනවා මෙම ලිපිය ඔයාලට ගොඩක් වැදගත් වේවි කියා.ඉතින් ඔයාලගෙ මෙම ප්‍රශ්ණය විසදෙන්න ඇති කියා මම හිතනවා.ඒ වගේම අපිට සහයෝගයක් විදියට Comment එකක් දාල යන්න.Facebook එකෙත් Like කරන්න. ඔබට ජය

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews