2/5/16



ආයුබෝවන් සෑම දෙනාට

අප වෙබ් අඩවියේ ආරම්භක ලිපිය ශ්‍රී ලංකාවේ අහිංසක දරුවන් පිළිබදවයි.පසුගිය අවුරුදු 20 කාලය තුල ශ්‍රී ලංකාවේ  දරුවන්ට උනු පීඩා අතිමහත්ය.එහෙත් පසුගිය අවුරුදු 2-3 දී
අහිංසක ජීවිත නරුමයන් විසින් විනාශ කරාය.සමහරු  නම් කාඩ් බෝඩ් ටිකක් උත්සගෙන පාරට බැහැල  උද්ඝෝෂණ කරන්න  පටන් ගත්තාය..හරියට කලක් තිස්සෙ නිදාගෙන හිටපු අය ඇහැරුනාම හැසිරෙන විදිය  ඔබ දන්නව  ඇතිනෙ. සමහර  මාධ්‍ය තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රචාරය  කරගන්න ජීවිත විනාශ උනු දරුවාගේ ගරුත්වයට  හානි කරයි.

සමහර මාධ්‍ය  මගින්  දරුවන් ආරක්ෂා කිරීමට අවවාදාත්මක ප්‍රචාරක දැන්වීම් කො‍තෙකුත් දැන්මත් ඇත්තෙන්ම දරුවන්ට සාධාරණයක් ඉටුවෙනවද? ඔබ ඔබගේ හදවතින් විමසා බලන්න.ඔබගේ වෙළද සලකුණ හා භාණ්ඩය ජනප්‍රිය කරගැනීම යටි  අරමුණ ඉෂ්ඨ කරගැනීමට  පමණක් නේද? ඔබ අවංක වෙන්න එවිට මේ රට ලස්සන කරගැනීමට පුලුවන්.

ශ්‍රී ලංකාවේ දරුවන්ට වැඩියෙන්ම  අසාධාරණ වෙන පලාත හා දිස්ත්‍රික්කය වනුයේ  බස්නාහිර පලාත හා රත්නපුර දිස්ත්‍රික්කයයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ දමිළ දරුවන් විශාල ප්‍රමාණයක් පාසල් යන්නෙ නැහැ.5000 වැඩි  පිරිසක් මීට අයිතියි.ඔවුන් වතු වැඩ,කඩවල්,යකඩ බඩු  එකතු කරන ස්ථානන වල හා ගෙවල් වල වැඩට යොදා ගනියි.මෙවන්  වටපිටාවක් මේ  සමාජයමයි හදල තියෙන්නෙ.

බස්නාහිර පලාතේ පදික වේදිකාවෙ ඔබ අනන්තවත් යාචක දරුවන් ඔබගේ නෙතට හසු  වී  ඇති.හිගමනේ යවන,නොයෙකුත් සමාජ විරෝදී ක්‍රියා සදහා  මොවුන් යොදා ගනියි.
රජයේ  බලධාරීන්ගේ අවධානය  මෙම ප්‍රශ්ණයට යොමු වෙයි කියා සිතනවා.

ඔබට මෙම ලිපිය වැදගත් උනානම් සමාජය දැනුවත් කරන්න..මෙම සමාජ ජාල වෙත share කරන්න.


NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews