4/9/16



අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි ග්‍රෑම් 500
තල ග්‍රෑම්100
(මෙය කබලේ බැද ගන්න)
පාන්පිටි ග්‍රෑම්100
සීනි මේස හැදි 2
කෙටූ පස ඉතුරු වන කප්පි ග්‍රෑම්100
(මෙය කබලේ බැද ගන්න)
හකුරු ග්‍රෑම් 500
බැද තලාගත් මාදුරු තේ හැදි 1
පොල්තෙල් අවශ්‍ය පමණ

සාදන ක්‍රමය :

පළමුව සූරාගත් හකුරු සහ සීනි එකට දමා එයට වතුර කෝප්ප1/2 ක් පමණ එක්කර ළිප තබා ගොරෝසු ගතියට එනතෙක් උණු කරන්න. මෙයට වරින් වර පිටි එක්කරමින් හැදි ගාන්න. මෙම මිශ්‍රණය තල සහ මාදුරු පිටි කප්පිද එක්කොට හොදින් කළවම් කරන්න. මිශ්‍රණය ගොරෝසු වී එනවිට තෙල් ස්වල්පයක් වටේට දමමින් කළවම් කරන්න. එවිට බදුනේ නොඇලී ගුළියක් ආකාරයට එකතු වේ.

දැන්මෙය පිටතට ගෙන නිවෙන්නට හරින්න. පිටි මිශ්‍රණය සකස් කරගත් බදුනට වතුර කෝප්ප 1 1/2 ක් හෝ 2ක් පමණ දමා ළිප තබා හැදි ගාමින් කැද ආකාරයට තරමක් උකු මිශ්‍රණයක් සාදාගන්න.දැන් කලින් පිටි මිශ්‍රණය ගෙන සාදාගත් කැද  මිශ්‍රණයද එක්කරමින් ලෑල්ලක් මත දමා හොදින් අත්ගසන්න. මෙලෙස පිටි මිශ්‍රණය මොලොක් වනතුරු අත්ගසා ගන්න. ඉන්පසුව දෙහි ගෙඩියක ප්‍රමාණයට ගුළි සාදා පැතිලිකර රන්වන් පාට වනතුරු දෙපැත්ත හරවමින් බැදගන්න.

රසවත් බීම එකක් හදන හැටි බලන්න

ඔයාලගෙ වෙබ් අඩවියක් හෝ blog සයිට් එකක් තියෙනවනම් අපගේ වෙබ් සයිට් එක සම්බන්ධ කර ගන්න.මෙම ලිපිය මුහුණු පොතේ හිතවතුන්ට බෙදන්න.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews