4/9/16



අවශ්‍ය ද්‍රව්‍ය

සුදු හාල් කිලෝවක පිටි
සුදු සීනි කිලෝ ග්‍රෑම් 1
තල ග්‍රෑම් 250

සාදන ක්‍රමය:

පලමුවෙන් හාල් පිටි හොදින් බැද ගන්න. (මෙය මදගින්නේ බැදගන්න. නැත්නම් පිටි කරවීමට පිළිවන) ඉන්පසු පිටි හලාගන්න. තල සෝදා ගරා වේලා රන්වන් පැහැ වනතුරු මදගින්නේ බැදගන්න. බදුනකට සීනි දමා එයට වතුර කෝප්ප 2 1/2ක් පමණ දමා පත් පැණි වනතුරු උණුකරගන්න. ඉහළට එසවූ විට නූලක් සේ
ඇදෙන ආකාරයට තිබිය යුතුයි. ඉන්පසු එය ළිපෙන් ඉවත් කර එයට බැදගත් තල හා පිටි එක්කර හොදින් කළවම් කරන්න. දැන් පිටි ඉස ඒ මොහොතේම ලෑල්ල මත දමා තුනීකර නැවත උඩින් පිටි ඉස ඝන වීමට පෙර ඒ මොහොතේම කැබලි කපා ගන්න. අවශ්‍ය නම් මෙයට තල වෙනුවට බැද කැබලි කරගත් කජු එක්කර ගත හැකිය.     

 කජු සහ රටඉදි අච්චාරුවක් හදමු
       
ඔයාලගෙ වෙබ් අඩවියක් හෝ blog සයිට් එකක් තියෙනවනම් අපගේ වෙබ් සයිට් එක සම්බන්ධ කර ගන්න.මෙම ලිපිය මුහුණු පොතේ හිතවතුන්ට බෙදන්න.      

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews