5/17/16


අහිතකර කොලෙස්ටරෝල් හේතුවෙන් පිළිකා ශරීරය පුරා ම පිළිකා ව්‍යාප්තවන බව නවතම පර්යේෂණයකින් සනාථ වී ඇත. ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් පවසන්නේ කොලෙස්ටරෝල් මගින් යාන්ත්‍රික ලෙස සිරුරේ ඇති සෛලවල සංචලනය නියාමනය කරන බවයි.

මේ සොයා ගැනීම මගින් ඔවුන් පවසන්නේ පිළිකාව හා කොලෙස්ටරෝල් අතර ඇති සම්බන්ධතාව තේරුම්ගත හැකි බවයි.

පර්යේෂණයේ ප්‍රධානී සිඩ්නි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තෝමස් ග්‍රෙවල් පවසන්නේ මේ පර්යේෂණය පිලිකා පර්යේෂණ වලට වැදගත් සම්බන්ධයක් වන බවයි. ඔහු පවසන්නේ පිළිකාව ශරීරය පුරා ව්‍යාප්ත වූ පසු එයට ප්‍රතිකාර කිරීම ඉතා අසීරු කාර්යයක් බවයි. සිරුරේ බොහෝ සෛල තමාට ආසන්නව ඇති සෛල සමග මතුපිට ඇති අනු මගින් බැඳී පවතී.

මහාචාර්ය ග්‍රෙවල් මෙසේ කියයි.

සිරුරේ ඉතා ඉහළ ප්‍රමාණයකින් අහිතකර කොලෙස්ටරෝල් පවතී නම් ඒ හේතුවෙන් පිළිකා සෛල එහා මෙහා ගමන් කරන අතර ව්‍යාප්ත වන බවත් සොයාගෙන තිබෙනවා. ඒ වගේම අපිට සොයා ගත හැකි වූවා හිතකර කොලෙස්ටරෝල් වල ඇති ඉන්ටග්‍රීන් නමැති ලිකොප්‍රෝටීනය සෛල තුළ තබාගෙන පිළිකා සෛල ව්‍යාප්තිය අඩුවන බව.

මහාචාර්යවරයා පවසන්නේ පැහැදිලිව ම කොලෙස්ටරෝල් හා පිළිකා පැතිරීම අතර සම්බන්ධතාවක් ඇති බව කියා සිටියි.

අහිතකර කොලෙස්ටරෝල් මගින් පිළිකා සෛල ඉහළ දමන අතර හිතකර කොලෙස්ටරෝල් පිළිකා සෛල පහළ දමන බව මෙමගින් සනාථ වී තිබේ.

 තෙල් අධික ආහාර ගැනීමෙන් වලකින්න
ව්‍යායාම කරන්න
කරපිංචා කැද බොන්න ඔබගේ බත් පිගානෙ තිබෙන කරපිංචා කොල ආහාරයට ගන්න 
කරපිංචා කොල අමුවෙන් ආහාරයට ගන්න පුලුවන්

Please Share This Post  Thanks.....

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews