5/24/16


අවශ්‍ය ද්‍රව්‍ය :


පිටි ග්‍රෑම් 500
වතුර කෝප්ප 1/2
මද රස්නයෙන් යුත් වතුර කෝප්ප 1/2
ටොමැටො පූරි (තක්කාලි)මේස හැදි 1
දියකරගත් යීස්ට් තේ හැදි 2
ඉදුණු තක්කාලි ග්‍රෑම් 350
සීනි තේ හැදි 1
බොම්බයි ලූනු ගෙඩි 1
බිත්තර 1
සැල්දිරි ඉති 2-3
මාජරින් ග්‍රෑම් 25
කිරි කෝප්ප 1/2

පීසා පිරවීමට අවශ්‍ය ද්‍රව්‍ය :

තක්කාලි පූරි හතු සහ චීස්

සාදන ක්‍රමය:


මේවා සියල්ල ලික්වීඩයිසරයක  දමා පොඩිකර සාස්පානකට දමා ළිපේ තබා,තරමක් ඝන වනතුරු පිසගෙන රස අනුව ලුණු සහ මිරිස් කුඩු මිශ්‍ර කරන්න.

පිටි භාජනයකට දමා දියකරගත්  යීස්ට්,සීනි,බිත්තර,මාජරින්,කිරි සහ වතුර එකතුකර සිනිදු පිටි මාංශයක් තනා තෙත රෙදි කෑල්ලකින් වසා පැය 1-2 පමණ වේලා පිපෙන්නට තබන්න.

මෙය පිපුනාට පසු මිට මොලවා පහරක් තට්ටු කර නැවත අනාගෙන රවුම් ආකාරයට සිහින්වට,තුනීකර බටර් තවරා ගත් පීසා තැටියක් ලයින් කර,උණුකරගත් මාජරින් ස්වල්පයක් තවරා තලාගත් සුදුලූනු බික් 1 ක් තවරන්න.

දැන් ටොමැටො පූරි ස්වල්පයක් දමා ඊට උඩින් සිහින්වට සූරාගත් චීස් අවුන්ස 2ක් පමණ විසුරුවන්න.දැන් උණුසුම් පොරණුවක මිනිත්තු 10-15 පමණ වේලා තබා චීස් උණු වී රන්වන් පාට වූවාට පසු පොරණුවෙන් ඉවතට ගෙන උණු උණුවේම පාවිචිචියට ගන්න.

ඉදිරියේදී ඔබට තවත් කෑම වට්ටෝරු අප ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා අප සමග රැදී සිටින්න.ඔබගේ අදහස්,යෝජනා කියන්න.


මිතුරන්ට share කරන්න.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews