6/30/16


ආයුබෝවන් සියලුම මිතුරන්ට අද අපි විසින් BIOS (බයොස්) පිළිබද කෙටි හැඳින්වීමක් කරන්නයි මෙම ලිපිය ඔයාලට දෙන්න හිතුවෙ. මේ ගැන ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

Basic Input Output System යන වචන වල මුලකුරුවලින් BIOS යන්න සෑදී ඇත.වෙළඳපොලේ ඇති මවුපුවරු හෙවත් මදර්බෝඩ් (MotherBoard) සියල්ල එක සමාන නොවන බව ඔබ දනී. එහෙත් ඒ සෑම මවුපුවරුවක්ම Windows මෙහෙයුම් පර්ධතියක් සමඟ එක සේ ක්‍රියාත්මක වේ.
මේ සඳහා මූලිකව සහයෝගය ලබා දෙන්නේ බයොස් නම් අයිසී (IC-Integrated Circuit) එකයි. අදාළ මවුපුවරුවේ අන්තර්ගතය (Configuration) සහ අදාළ Hardware කොටස් කෙසේ ක්‍රියා කරවිය යුත්තේද,යන මූලික මට්ටමේ තොරතුරු සියල්ලක්ම මෙහෙයුම් පද්ධතිය වෙත සපයන්නේ එම මවුපුවරුවේ ඇති බයොස් චීපයයි.

ඊට අමතරව පරිගණකයට විදුලිය සැපයූ විට ,මවුපුවරු,ප්‍රොසෙසර්,රැම් ආදිය පරික්ෂා කොට, මෙහෙයුම් පද්ධතිය ක්‍රියා කරවීමට අවශ්‍ය පසුතලය සකසා දෙනු ලබන්නේ ද බයොස් චීපය තුළ ඇති විශේෂිත 'Start-Up Program' එක මඟිනි.

සිම් කාඩ් 32bit හා 64bit වර්ග වල වෙනස
පරිගණයකට Tv Card එකක්


දැන් ඔයාලට BIOS පිළිබද යම්කිසි අවබෝධයක් ලබාගන්න ඇති කියල සිතනවා.

ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
මිතුරන්ට share කරන්න.  තවත් තාක්ෂණික ලිපියකින් හමුවෙමු. ස්තූතියි...

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews