6/14/16


හලෝ යහලුවනේ හුඟ කාලයකින් ඔයාලට කෑම වට්ටෝරුවක තොරතුරු ගේන්නෙ.ඉතින් ඔයාල කැමතියි නේද මිල්ක්මේඩ් වලින් රස කෑම බීම වර්ග ගොඩක් හදන්න.එහෙනම් කෑම බීම හදන්න පටන් ගමු.

අවශ්‍ය ද්‍රව්‍ය:

සීනි කප් 1
බටර් 500g
මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
පිටි කප් 3 බේකින්
පව්ඩර් තේ හැන්දයි
චොකලට් චිප්ස් 50g
අවන් එක සෙල්සියස් 180ට රත් වෙන්න තියන්න.


සාදන ක්‍රමය

බටර් සහ සීනි හොඳින් ක්‍රීම් වන තෙක් බීට් කර මිල්ක්මේඩ් එක් කර මිශ්‍ර කරන්න.ඉන්පසු පිටි, බේකින් පව්ඩර් එකට හලාගෙන පිටි මිශ්‍රණය සහ චොකලට් චිප්ස් මිල්ක්මේඩ් මිශ්‍රණයට එක් කරගන්න.

බටර් ගා තෙල් කඩදාසියක් දාගත් තැටියක මිශ්‍රණයෙන් පොඩි බෝල තැනින් තැන තබා ගෑරප්පුවකින් තලාගෙන කලින් රත් කරගත් උඳුනේ විනාඩි 15ක් බේක් කරගන්න.

අවවාදයයි!!!

ඔබ සෑදීමට ගන්නා කෑම ,බීම වට්ටෝරුව සඳහන් වන කෘතිම රසකාරක හා කෘතිම වර්ණක,හා කල්තබාගැනීමේ දව්‍ය ඔබගේ ආහාරයට එක් කිරීමෙන් වළකින්න. කෘතිම රසකාරක හා කෘතිම වර්ණක ආහාර වට්ටෝරුව එක්කර නොගත්තා කියා රසයේ හා සුවදේ වෙනසක් සිදුනොවේ.

Google Plus And Google Flowers
සම්බන්ධ වෙන්න.
ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
මිතුරන්ට Share කරන්න. තවත් ආහාර වට්ටෝරුවකින් හමුවෙමු. ස්තූතියි.....


NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews