6/12/16


ඉතින් මිතුරනි තවත් ලිපියක් ලියන්න අදහස් කරා. ඔයාලට අවශ්‍ය හා ආසාවෙන් ගමන් යන එහෙත් රිය අනතුරු වැඩිම අනාරක්ෂිතම වාහනය ගැනයි මෙම ලිපියෙන් කියන්න හිතුනා.

කවුරුත් කැමතියි මෝටර් බයිසිකලයක් ගන්න එහෙත් ඔබ දන්නවාද මෙහි තිබෙන භයානක කම. වැඩිපුරම අනතුරු සිදුවන්නෙ මෝටර් බයිසිකල් වලින්ය. ඔබගෙ අසාවට ගත්තට නිසි පාලනයක් නැතිව අධික වේගයකින් මෝටර් බයිසිකලය ධාවනය කර දරුණු අනතුරු සිදුකර ගනී.

එමගින් සදාකාලික අබ්බගාතයො හා වටිනා ජීවිතයද නැති කරගනී. දැන් ඔබ සිතනව ඇති මෝටර් බයිසිකලයෙ වේගයෙන් නැතිව සාමාන්‍ය ගානකට ධාවනය කරොත් අනතුරක් නැහැ කියල.එහෙම සිතනවානම් ඔබ සම්පූරණයෙන්ම වැරදියි.මොකද වේගය අනතුරු සිදුවන්න එක හේතුවක් විතරයි.



මෝටර් බයිසිකලයෙන් සිදුවන අනතුරු වලට බලපාන හේතු.
වේගය (සෑම වාහනයකටම පොදුය)
මෝටර් බයිසිකලය පිටුපස ගමන් කරන පුද්ගලයාගෙ ඇදුමක් රෝදයෙ පැටලීමෙන් උදා:- ගවුමක්,සාරියක්,
පිටුපසින් එන වාහනයකට හැප්පීමෙන්
වාහනයකට හැප්පීමෙන් පසු විසිවීමෙන්
මෝටර් බයිසිකලයෙ කාර්මික දෝෂ
පාර අයිනෙ තිබෙන ගහක් හෝ වෙනත් දෙයක් මෝටර් බයිසිකලය මතට කඩාවැටුනොත්
ඉදිරියෙන් එන වාහනයකට හැප්පීමෙන්
මෝටර් බයිසිකලයෙ සමබරතාව ගිලිහී යාමෙන්

දැන් ඔබට තේරෙනවා ඇති මෝටර් බයිසිකලයෙ තියෙන අනාරක්ෂිත කම ඔයාල අනාරක්ෂිත වාහනයක් අරගෙන තමන් විසින්ම අමාරුවෙ වැටෙනවද කියල ඔබගේම සිතින් විමසන්න.

සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනව ඔබලගෙ දරුවන්ට මෝටර් බයිසිකල් අරගෙන දෙන්න එපා කියල. ඔවුන් පෙරත්ත කරනවානම් මෙහි තිබෙන බරපතලකම වටහා දෙන්න.අඩුම තරමෙ මෙම ලිපියවත් ඔවුන්ට පෙන්නන්න. මේකෙන්වත් ඔවුන් යමක් තේරුම් ගනියි.

ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමතක රන්න එපා.
මිතුරන්ට share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි.....



NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews