6/10/16


සියලු සත්වයෝ ආහාරයෙන් රැකෙති කියල බුදු හාමුදුරුවන්ගේ දේශණාවේ සඳහන් වෙලා තියෙනවා. අප රටේ ප්‍රධාන ආහාරය බත්ය.එහෙත් විවිධ කෑම වර්ග වෙළඳ පොලේ ගන්නට තියෙනවා. ඒවා අතුරින් 99% ම කෘතිම රසායනින හා කෘතිම වර්ණක භාවිතා කරපු ක්ෂණික කෑමය.

උදා:-ගතහොත් සමහර බිස්කට් වල කවරයේ පිටුපස සඳහන් කරල තියෙනව එම බිස්කට් වර්ගයට එකතු කරන රසායනික දේවල්.එම බිස්කට් වර්ග ආහාරයට ගැනීම ශරීරයට අහිතකරය. ඔබ හිතවතුන්ගෙ ගෙවල් වලටත් ගෙනියන්නෙ රසායනික දේවල් යොදා සකස් කරන ලද ආහාර පානය. ඉතින් රජයේ බලධාරීන් මෙම විනාශය ගැන බලන්නෙ නැද්ද?

කෘතිම රසායනින හා කෘතිම වර්ණක සම්පූරණයෙන්ම අපගේ රටෙන් මෙන්න ලෝකයෙන්ද තුරන් කල යුතුය. ඉතින් මෙම ආහාර පාන සකසන සමාගම් දැනගතයුතු වෙනවා රටේ ජනතාවට පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර පාන ලබා දෙන්න. බීම ගැන කියනවනම් තනිකරම සෞඛ්‍යට අහිතකර රසායනින දේවල්මයි කඩවල් වල තියෙන්නෙ. ඔබල ස්භාවික ආහාර පාන වලට පුරුදු වෙන්න. වස කන්න එපා.

වෙළද පොලේ තිබෙන පළතුරු වලට වීෂ එන්නත් කරල තියෙන්නෙ. ලෙඩ්ඩුන්ටත් මේ පළතුරු ගෙනිහින් දෙනව.තවතවත් ලෙඩ වැඩිකරනව.විෂ කවපු පලතුරු ආනයනය සම්පූරණයෙන්ම නවත්වන්න. අවුරුද්දකට මිලියන ගානක් බෝනොවන රෝග වල බෙහෙත් වලට වියදම් කිරීමට රජයට සිදුවේ.ඒ සමස්ථ රටේ ජනතාවගේ බදු වලින් ගත්ත මුදල්ය.මෙම ආහාර ව්‍යවසනය අපට අවසන් කරගත්තොත් නිරෝගිමත් ජාතියක් ගොඩනගන්නට පුලුවන්.

100%දේශීය ආහාර පාන සකස් කර ආහාරයට ගමු. තව ගොඩක් දේවල් කියන්න තියෙවා.ලොකු ලිපි දැම්මහම වැඩිය බලන්නෙ නැහැනෙ එම නිසා පොඩි ලිපියක් දැම්ම.ලිපියෙ අඩුපාඩුත් ඇති.ඒ ගැන අපට කියන්න.

ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා.
මිතුරන්ට share කරන්න. තවත් ලිපියකින් හමුවෙමු. ස්තූතියි.....


NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews