6/23/16


ත්‍රීවීල් එක යනු එදිනෙදා ජීවිතයට නැතුවම බැරි වාහනයකි. කඩපිලට,පොලට,විනෝදාත්මක ගමන් හා රෝගියෙකු රෝහල වෙත රැගෙන යාමට ද මෙම රථය ඉමහත් දායකත්වයක් සපයයි.එහෙත් මෙම 3wheels රථය මිනිසුන්ට ප්‍රයෝජන ගෙනදුන්නද කරදර ද ඇති කරයි.

ත්‍රීවීල් රථ නිසා තම රක්ෂාව කරගන්නා විශාල පිරිසක් අපගේ රටේ ජීවත් වේ. එහෙත් අප විසින් කතාකිරීමට යන්නේ මෙහි ඇති අනාරක්ෂිත තත්වය ගැනයි. ත්‍රීවීල් එක ශක්තිමත් වාහනයක් නොවේ. වැඩි දෙනෙකු මෙය මිලදී ගැනීමට යන්නේ මිලෙන් අඩු නිසාය.

ඒත් දැන් තත්වය බොහෝ සෙයින් වෙනස්ය.  ත්‍රීවීල් වලටද බදු වැඩිකර ඇත.  වැඩි පුරම අනතුරු සිදුවන්නේ වාහන වේගයෙන් පැදවීම නිසාය.3wheels එකටත් එය පොදුය. ඒ වගේම මාර්ග තදබදය ඇති කරන හා මාර්ග නීති කඩන අය අතුරින් ඉහලින්ම මෙම ප්‍රවාහන සේවය නම්දරා සිටියි.Three Wheelers එකේ යන ප්‍රමාණයට වඩා වැඩිපුර මිනිසුන් ගෙනයෑමෙන්ද අනතුරු සිදුවේ .

බොහෝ විට මෙම රථය පෙරලීයාමෙන් සිදුවන අනතුරු ඉතා විශාල සංඛ්‍යාවක් සිදුවී ඇත. එහි සිටින මගීන් හා රියදුරන් ඉන් විසිවී ගිහින් වෙනත් වාහන වලට යටවුන අවස්ථාද ඇත. ඉතින් අප කියන්නට අදහස්  කරේ යහපාලන රජය විසින් අනාරක්ෂිත වාහන වලට මොනයම් හෝ සාර්ථක වැඩපිලිවෙලක් ආරම්භ කරයි කියල අප සිතනවා.ශ්‍රී ලාංකික මිනිසුන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා යම්කිසි ක්‍රියාමාර්ගයකට අවතීර්න වෙයි කියල සිතනවා.


Movie බලන්න එන්න

ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
මිතුරන්ට share කරන්න.  තවත් අනාවරණය ගැන ලිපියකින් හමුවෙමු. ස්තූතියි.....

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews