7/22/16



පෑලියගොඩ ආහාර  ගබඩාවකින් කොකේන් කිලෝ 270ක් අත්අඩංගුවට ගත් බව   පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

 ශ්‍රී ලංකාවෙන් සොයා ගත් වැඩිම කොකේන් තොගය මේ බව පොලිසිය පවසයි.
පස්වරු 6.30 වන විට කන්ටේනරයකින් කොකේන් කිලෝ 270ක් පමණ සොයා ගත් බවත්, තවත් කන්ටේනර දෙකක් පරීක්ෂා කිරීමට ඇති බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමඟ වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.  කිලෝ පනහේ සීනි මළු අතර කොකේ සගවා තිබිණි.


මෙම කන්ටේනර රේගුවෙන් නිදහස් කළාදැයි සොයන බව පොලිසිය කියයි. ලංකාවේ කොකේන් ග්‍රෑමයක වීදි මිල රුපියල් විසි දහස ඉක්මවන බව පොලිසිය කියයි.

මීට මාසයකට පමණ පෙර ද කොකේන්  කිලෝ 93ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් විය.

කොලොම්බියාවේ කොකේන් කිලෝවක වීදි මිල ඩොලර් 1500කි (රුපියල් 219210) . මෙක්සිකෝවේ කොකේන් කිලෝවක් ඩොලර් 12000ක්  (රුපියල් 1753680) පමණය.   බ්‍රිතාන්‍යයේ කොකේන් කිලෝවක් ඩොලර් 77000කි (රුපියල් 11252780).
ඒ අනුව ලන්ඩන් මිල අනුව කොකේන් තොගයේ මිල රුපියල් කෝටි 500 ඉක්මවයි.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews