7/19/16


ඔබට දැනෙනවා ඔබ දැන් සිටින්නේ ප්‍රථමධ්‍යානයේ කියල.මෙය ප්‍රත්‍යක්ෂ කරගන්න නම්,ඔබ ඒ පිළිබද
පරික්ෂාවක් කර ගන්න.ඔබ සිටින තැන ඉදල අඩි කීපයක් දුරින්ඇති ඔබට නොපෙනෙන තැනක,බිත්තියක්
පිටුපස,එක්කො උඩ හෝ යට තිබෙන දෙයක් හෝ පුද්ගලයෙකු ගැන අධිෂ්ඨානයක් හිතේ ඇති කරගෙන එම ස්ථානය හිත තුලින් දැකල එතැන කුමක් තිබිය හැකිද ,කවුරුන් සිටීද යන්න පිළිබද හිතෙන් නිගමනයක් ඇති කර ගන්න.

දැන් ඔබ ඉන්න තැනින් නැගිටල ඒ ඔබ හිතුව තැනට ගිහින් බලන්න ඔබ සිතින් දුටු දේමද ඇත්තටම එතැන පවතින්නේ කියල.අන්න ඔබට දැන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් තමන් ප්‍රථමධ්‍යානයේ ඉන්නව කියල.හැබැයි ධ්‍යානවලට ආධුනික ඔබ ඉතා දුරින් තිබෙන දේවල් ගැන හිතන්න යන්න එපා.මුලින්ම අඩි 20 ක් 30 ක් දුර තියෙන දෙයක් ගැන හිතල ප්‍රත්‍යක්ෂ කරගන්න.නිවන් අරමුණුකරගත් ඔබට අවශ්‍යවන්නේ තමන් ධ්‍යානය තුල සිටිනවාද කියල දැනගන්න මිසක් ඒ තුලින් ප්‍රාතිහාර්ය පාන්න නෙමෙයිනෙ.ඒ නිසා කීපවාරයක් ඒ පරික්ෂාවන් කරල ඒ ප්‍රාතිහාර්ය පෑම නතර කරල,ධ්‍යානයෙන් තවත් ඉදිරියට යන්න උත්සහ කරන්න.හැබැයි වැඩිපුර පරික්ෂා කරන්න යන්න එපා එහෙම උනොත් ඔබ ලබාගත් ශක්තිය හීන වෙලා යාවි.

ඇත්තටම ඔබේ හිත හදා ගත්තොත් මේ ලෝකේ ඔබට කරන්න බැරි දෙයක් නෑ.නියමාකාරයෙන් හිත හදාගත් ඔබට දැනෙන්නෙ මුලු විශ්වයම ඔබේ අත්ල මත තියෙන හැගීමක්.විස්මිත වැඩ කිරීමේ මහ පුදුම බලයක් ඔබේ හිතට දැනෙනවා.හැබැයි විශ්වය අතට ගන්න හිතාගෙන භාවනා කරන්න එපා.සසර දුකින් මිදිල,සංසාර විමුක්තිය ලැබීමේ ශ්‍රේෂ්ඨ චේතනාවෙන් යුක්තව නිවන් අරමුණු කරගෙන භාවනා කරන්න.
පුලුවන් තරම් ඔබ නිහඩ බව සමග ජීවත් වෙන්න උත්සහ කරන්න.

නිහඩ බව තමයි ලෝකෙ තියෙන හොදම හඩ.නිහඩ බවට පුරුදු වෙච්ච කෙනාට ඉතාම ඉක්මනින් තමන්ගෙ අධ්‍යාත්මයවර්ධනය කරගන්න පුලුවන් .බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශන කරල තියෙනවා උත්තරීතර හුදකලාව පිළිබද.හැබැයි සංයුක්ත නිකායෙ තියෙනවා "ථේරනාම" කියල සූත්‍රයක්.

මේ 'ථේර'කියන හාමුදුරුවො හරිම හුදකලා කෙනෙක් තනියම පිණ්ඩපාතයෙ වඩින්නෙ,තනියම දානෙ
වළදන්නෙ කුටියට වලා ඉන්නෙත් තනියමයි.අනිත් හාමුදුරුවරු එක්කවත් කතා කරන්නෙ නෑ ඉතින් මේ භික්ෂුව ගැන අනිත් හාමුදුරුවරු බුදු හාමුදුරුවන්ට කිව්වා.ඊට පස්සෙ උන්වහන්සේ ථේර භික්ෂුවටකිව්ව "ඔබ ඔය කරන වැඩේ මම හොදයි කියන්න යන්නෙ නෑ.

නරකයි කියන්න යන්නෙ නෑ.හැබැයි මතක තියාගන්න දෙවැන්නෙක් එක්ක ඉන්න එපා".එතකොට ඒ  භික්ෂුව "මම දෙවැන්නෙක් එක්ක ඉන්නෙ නෑ.මම තනියමනෙ ඉන්නෙ"කියල කියනවා.එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා"ඔබ ළග ඉන්න දෙවැන්නා තමයි,ඔබේ හදවතේ තියෙන තෘෂ්ණාව"කියල සියුම්ම බලන්න.ථේර කියන භික්ෂුව හුදකලාව සිටියට ඒකෙන් වැඩක් උනේ නෑ උන්වහන්සේ ළග තෘෂ්ණාව තිබුණ නිසා.ඊට පස්සෙ ඒ මොහොතෙම  උන්වහන්සේ තමන් තුළ තිබුන තණ්හාව හදුනාගෙන භාවනා කරල රහස් භාවයට පත්වුණා.බලන්න එක වචනයකින්   බුදුරජාණන් වහන්සේ ජීවිතයක් වෙනස් කරපු හැටි.

මොහොතක් හිතන්න  හුදකලාව ඉතා වටින දෙයක් උනත් ඔබ තුළ තෘෂ්ණාව තියෙනව නම් හුදකලාවෙන් ඵලයක් නෑ.ඔබ උත්තරීතර හුදකලාවළංකර ගන්න නම් ඔබේ හදවතේ තියෙන තෘෂ්ණාව අතුගා දාන්න.

දැන් අපි 'අරහං'බුදුගුණයෙන් බුද්ධානුස්තිය පුරුදු කරමු.


ඒ මාගේ ධර්ම ස්වාමි වූ

බුදුරජාණන් වහන්සේ

සියලු කෙලෙසුන් නැසූ බැවින්ද

සංසාර චක්‍රයේ අර සිදලු බැවින්ද

සියලු ලෝ වැසියන්ගේ

ආමිස පූජා

ප්‍රතිපත්ති පූජා

සියල්ලටම සුදුසු වන බැවින්ද

අරහං නම් වන සේක...
අරහං නම් වන සේක...
අරහං නම් වන සේක...

ඒ අරහං නැමැති

බුදු ගුණයෙන් සමන්නාගත වූ

මාගේ ධර්ම ස්වාමි බුදුරජාණන් වහන්සේ

ගුණ ශරීරයට,

මම නමස්කාර කරමි,

මාගේ නමස්කාරය වේවා...

තවද මාගේ  ජීවිතය,

පූජා කරමි

පූජා  වේවා...

පූජා  වේවා...

පූජා  වේවා...

මේ ආකාරයට මෙනෙහි කරමින් ඔබේ හිත බුදු ගුණ මගින් සමාධියට පත්කරල ධ්‍යානයට පැමිණෙන්න හැකියාව තියෙනවා.

හැබැයි සමහර අය තමන්ට ආපු නැති ධ්‍යානයක් ගැන කල්පනා කරල හැම දෙයක්ම පටලව ගන්නව .තමන්ට  තේරෙනවානම් ධ්‍යාන තත්වයට පැමිණිලා කියල කලින් කිව්ව පරික්ෂාවන් කරල තමන්ටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුලුවන් තමන් දැන් ඉන්නෙ ධ්‍යානයේද කියල.හොදට උත්සහ කරල භාවනා  කරන කෙනෙකුට විතක්ක,විචාර,ප්‍රීති,සුඛ,ඒකග්ගතා අංග පහල වෙලා ලේසියෙන්ම ප්‍රථම ධ්‍යානයට පත්වෙන්න පුලුවන්.

උපුටා ගැනීම

විදසුන් වඩන මග -2
පූජනීය විද්‍යාවේදී පිට්දූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews