7/13/16


අවශ්‍ය ද්‍රව්‍ය :

තැම්බූ කොස් ඇට ග්‍රෑම් 250
ලුණු අවශ්‍ය තරමට
උම්බලකඩ ග්‍රෑම් 50
දෙහි ඇඹුල් අවශ්‍ය තරමට
අර්තාපල් ග්‍රෑම් 200
කරදමුංගු හා කුරුඳු කුඩු තේ හැඳි 1/2
ලීක්ස් 50
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
රතුලූනු පෙති මේස හැඳි 2
බිත්තර 2 (අවශ්‍ය නම් සමහර අය බිත්තර වලට කැමති නැහැනෙ)
අමු මිරිස් කරල් 2
හලාගත් පිටි ග්‍රෑම් 200
පාන් කුඩු ග්‍රෑම් 150

සාදන ක්‍රමය:

කොස් ඇට හොඳට තම්බා පොතු ඉවත් කොට අඹරා ගන්න.මෙය ලොකු බඳුනකට දමන්න. අල තම්බා පොතු හැර සියුම්ව පොඩිකර එම බඳුනකට දමන්න. උම්බලකඩ දමන්න. ලීක්ස් ඉතා කුඩාවට කපා එයද දමන්න. ලුණු ඇඹුල්,ගම්මිරිස් කුඩු හා සිහින්ව කැපූ අමු මිරිස් ආදී සියල්ල එම බඳුනට දමා බිත්තරයක්ද (අවශ්‍ය නම්)කඩා දමා මිශ්‍ර කරන්න.

කුඩා බෝල සාදා පිටිවල දවටා ගෙන බිත්තරය,පිටි,ලුණු වතුර මිශ්‍ර කර බැටරය සාදා කට්ලට්ස් බෝල එහි ගිල්වා පාන් කුඩු දවටා රන්වන් පැහැය වන තුරුබැද ගන්න.

Spiced Ice Coffee - ස්ප්‍රේඩ් අයිස් කොෆී හදමු

ඔයාල ආහාර වලට බිත්තර අවශ්‍ය නම් එකතු කරන්න. මොකද සමහර අය බිත්තර කන්නෙ නැහැනෙ. පව් සිද්ධ වෙනව. එම නිසා සමහර තැන්වල (අවශ්‍ය නම්) කියල සඳහන් කරල ඇති. බිත්තර කෑමෙන් වලකින්න.
ඔබලගෙ අදහස් කියන්න කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
මිතුරන්ට share කරන්න.  තවත් කෑම වට්ටෝරුවකින් හමුවෙමු. ස්තූතියි.....





NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews