7/14/16


දේහ ලක්‍ෂණ විද්‍යාවේ වැදගත්ම අංගය ලෙස සලකනුයේ නාරි දේහ ලක්‍ෂණ විද්‍යාවයි. ඈත අතීතයේ විසූ සෘෂිවරු ස්‌ත්‍රියකගේ පය, ඇඟිලිවල පිහිටීම හා පා පතුලේ ලකුණු බලා ඔවුන්ගේ චරිත ලක්‍ෂණ කීමට ද දක්‍ෂ වූහ. ස්‌ත්‍රීන් දෙදෙනකුගේ පාදයේ ඇඟිලි ගණන සංඛ්‍යාත්මකව සමානය. නමුත් පැහැය, පිහිටීම, හැඩය සමානව නොපිහිටයි. පා ඇඟිලිවල ප්‍රමාණය වෙනස්‌ ලෙස පිහිටීම, පා පතුලේ සලකුණු පරීක්‍ෂා කොට, ඇගේ චරිතය, ධනය, සිතේ ස්‌වභාවය පිළිබඳව විවිධාකාර ලෙස අනාවැකි පළකර ඇත.

යම් කාන්තාවකගේ පයෙහි පතුල ප්‍රදේශය මොලොක්‌ව වද මලක පැහැය ඇති ව සම වූ මසින් යුතු නම් ද නිතර උණුසුම් තත්ත්වයෙන් පවතී ද එසේ නම් ඇය ගුණ ධර්මයෙන් පිරුන රාජ භාර්යාවක්‌ හා සමාන වන්නීය. පයේ පිට පතුල් කොකුම්, කෝවක්‌කා වර්ණයට හෝ නෙළුම් මලක පිට පැත්ත මෙන් නිර්මලව මොළොක්‌ව පිහිටියේ නම් ඇය ද වඩා වාසනාවන්තියක්‌ වන බව කියෑවේ.


යම් කාන්තාවක්‌ ගමන් කරන විට ඇඟිලි පහ පොලවේ ඇතිල්ලේ නම් හෝ දූවිලි ඇවිස්‌සෙන ආකාරයෙන් ගමන් කරන්නේ නම් ඇය සැමියන් කීප දෙනකුගේ පහස ලබන ස්‌ත්‍රියක්‌ වෙයි. පයේ ඇඟිලි අක්‍රමවත් ලෙස හෝ ඇඟිලි උඩ ඇඟිලි පිහිටා ඇත්නම් ඇය අවකල් ක්‍රියාවෙන් යුතු වූ කාන්තාවක්‌ වෙයි. සුළැඟිල්ල බිම නොගෑවේ නම් ඇගේ සැමියාට අසුභය. ඇය දුරාචාරයේ හැසිරෙන කාන්තාවක්‌ බව දත යුතුය. කාන්තාවකගේ යටි පතුලෙහි පියුම්, හක්‌ගෙඩි, රථ, චක්‍ර, මත්ස්‍ය වියන් ආදී ලකුණක්‌ පෙන්නුම් කරන්නේ නම් ඇය ද රාජ භාර්යාවක්‌ වන බව සඳහන් කර ඇත. බොහෝ උසස්‌ අයගෙන් පවා ඇය සම්මාන ලබන්නීය.


පා ඇඟිලි සියල්ලම මාපටඇඟිල්ල දෙසට නැවී පිහිටියේ නම් වස්‌තු සම්පත් ඇයට උරුම නැත. තවද ඇඟිලි අතර පරතරය වැඩි නම් නිතරම හිතේ කරදර හා ධන හානි ඇති වේ. මහපට ඇඟිල්ලේ සිට ක්‍රමයෙන් කෙටි වන ඇඟිලි පොළව ස්‌පර්ශ වේ නම් ඇය කරුණාවන්තය. සෞම්‍ය ගති ඇත්තීය. ඇයට උසස්‌ පෙළපතක්‌ මෙන්ම උසස්‌ ස්‌වාමි පුරුෂයකු ද හිමි වෙයි. සැපවත් විවාහ දිවියකට හිමිකම් කියයි. යම් ස්‌ත්‍රියකගේ පය ඇඟිලි එකිනෙක පිට ගැසුණා වූ වේ නම් ඕ තොමෝ සිය හිමි නසා වෙනත් පුරුෂයන් හා සතුටු වන්නීය. බොහෝ විට වෛශ්‍යාවන්ගේ පා ඇඟිලි මේ හා සමාන යයි කියනු ලැබේ.

යම් ස්‌ත්‍රියක්‌ ගමන් කරන විට දෙවැනි ඇඟිල්ල බිම නොගෑවේ නම් ඇය පුරුෂයන් දෙදෙනකු සනසන්නීය. මැදඟිල්ල බිම නොගෑවේ නම් හිමියන් තිදෙනකු නසන්නීය. දෙවැනි ඟිල්ල හෝ මැද ඇඟිල්ල නොපිහිටියේ නම් වැන්දඹු ස්‌ත්‍රියක්‌ වන්නීය. යම් ස්‌ත්‍රියකගේ පා නිය සිනිදුව ද, වට වූ ස්‌වභාවයෙන් හා රෝස පැහැයෙන් ද යුක්‌ත වූයේ නම් ඇය බොහෝ සම්පත් ලැබීමට වාසනාවන්තය. එමෙන්ම පාපිට නිර්මල ද, නෙලුම් පෙති පිටක්‌ සේ මොළොක්‌වද, කොකුම් පෙති මෙන් සුවඳින් ද යුක්‌ත වූයේ නම් එම ස්‌ත්‍රිය ද ඉතා භාග්‍ය සම්පන්නය.

අනාමික ඇඟිල්ල හෙවත් දෙවැනි ඇඟිල්ල මැදඟිල්ලට වඩා මදක්‌ දික්‌ව පොළොව ස්‌පර්ශ කරයි නම් ඇයට යහපත් වාසනාවන්ත දූ දරුවන් හිමිය. සැපවත් දිවියක්‌ ද ලබන්නීය. අනාමික ඇඟිල්ල හා මැදඟිල්ල අතර මනා බැඳියාවක්‌ හා සිදුරු රහිතව පොළොවේ ගැටේ නම් දුගී පැලක උපත ලැබුවත් විවිධ යස ඉසුරු සම්පත්තීන්ට හිමිකම් කියන්නීය. මහපට ඇඟිල්ලේ නියපොතු වටව ක්‍රමවත්ව උස්‌ වේ නම් ඇය තම සැමියා වඩා සතුටු කරවන සුලු යහපත් භාර්යාවක්‌ වෙයි. එමෙන්ම යම් කාන්තාවකගේ කෙණ්‌ඩ මහත්ව රෝම රහිතව පිහිටියේ නම් එය ද වාසනාවන්ත සලකුණකි. උසස්‌ විවාහයකට හිමිකම් ඇති ඇය වාසනාවන්ත දූ පුතුන් ලැබ දිවි ඇතිතුරා සතුටින් ගත කරන්නීය.

පාදයේ සුළැඟිල්ල බිම නොවැදීම. දෙවැනි ඇඟිල්ල දික්‌වීම සැමියාට අයහපතක්‌ පෙන්නුම් කරයි. විකෘති පා ඇඟිලි පිහිටා තිබීම වඳ බව පෙන්නුම් කරන්නකි. කෙටි පාදයක්‌ හිමි කාන්තාව කපටිකමින් යුක්‌තය. වංචනිකය. පය කකුළුවකුගේ මෙන් පෙන්නුම් කරන්නේ නම් ඇයට මෙහෙකාර වෘත්තියේ යෙදීමට සිදුවනු ඇත. ආයු කාලය ද අඩුය. නිතර රෝග බාධවලට ගොදුරු වේ. මහපට ඇඟිල්ල දිග්ව මහත්ව තද ගතියෙන් යුක්‌ත නම් ඇය එඩිතරය. දැඩි ආත්ම ශක්‌තියකින් යුක්‌තය. තැන නොතැන නොබලා ක්‍රියා කිරීම දුර්වලකමක්‌ වෙයි. මේ නිසා ඔවුන් වැඩි දෙනාගේ අප්‍රසාදයට ලක්‌ වේ.

 divaina

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews