7/15/16


යම් ස්ත්‍රියක් හා පුරුෂයකු මෙයට සම්බන්ධ විය යුතුය. ඒ අනුව ලිංගික ප්‍රවේශයක් සිදුවී ඇති පමණින්ම එය ස්ත්‍රී දූෂණයක් නොවේ. ශ්‍රී ලංකාවේ නීති ප්‍රඥ්ඥප්ති සංග්‍රහයේ 25 වන අධිකාරිය වන දණ්ඩනීති සංග්‍රහයේ 364 වැනි වගන්තියේ මෙය සඳහන්ව ඇත. ඒ අනුව ස්ත්‍රී දූෂණයකට අවුරුදු 20ක සිරදඬුවමක් මෙන්ම දඩයකටද යටත් විය යුතුය. ස්ත්‍රී දූෂණයක් වීමට මෙවැනි හේතු සාධකද එයට ඇතුළත් විය යුතුය.

** යම් ස්ත්‍රියක් තමාගේ භාර්යාව වූවද ඇය සැමියාගෙන් නීතියෙන් වෙන් වී සිටින අවස්ථාවක ඇගේ කැමැත්ත නොමැතිව සිටින විට.

** බලහත්කාරයෙන් රඳවා තබාගෙන මරණ බවට හෝ තුවාල සිදුකරන බවට තර්ජනය කර නීතිවිරෝධී ව
ඇගේ කැමැත්ත ලබාගෙන වූවද** ඇය සිහි විකල් ව සිටියදී හෝ පුරුෂයා විසින් නැතහොත් වෙනත් පුද්ගලයකු විසින් ඇයට දෙන ලද මධ්‍යසාර හෝ මත්ද්‍රව්‍ය මඟින් ඇති කරන ලද මත් වූ අවස්ථාවක ඇගේ කැමැත්ත ඇතිව වූවද තමා ඇගේ ස්වාමිපුරුෂයා නොවන බව ඒ පුරුෂයා දැන සිටි අතර ඇගේ කැමැත්ත දෙන ලද්දේ ඇය හා නීත්‍යානුකූලව විවාහ වී සිටින ඇගේ සැමියා යයි සිතා ඇය විශ්වාස කළ නිසාය. වරද කළ අය එය දැනගෙන වරද කිරීම. වංචාකාරී විවාහවලට හසුවීම මෙයින් අදහස් වේ.

මෙය වඩාත් සරල උදාහරණයක් ලෙස පැහැදිලි කළහොත් වෙරළ අසබඩ ධීවර ගමක දිලිඳු නිවෙසක තනියම රාත්‍රිය ගත කරන කාන්තාවක් නින්දේ පසුවන්නේ ඇගේ සැමියා රැකියාවට ගොස් එන තුරු ය. ඔහු ධීවර කර්මිකයකු යැයි සිතමු. ඔහු නිවෙසින් පිටවන්නෙත් ආපසු එන්නෙත් එකම වේලාවකට අනුව ය. බොහෝවිට රළු, පරළු, කටුක රැකියාවක නියතු ඔහුගේ රැවුල කපා නැත. මුවින් හමන්නේ සුරා ගඳය. එය ඇයට හුරුය. රාත්‍රියේම දොර ඇරගෙන ඇය අසලට එන්නේ සැමියා බව ඇය සිතන්නේ අඳුරේ නිදිමත අතරින් ය.

වෙනදා හැමදාම ඔහු එන්නේ මේ වගේ වෙලාවට ය. එහෙත් සියල්ල හරිහැටි අධ්‍යයනය කරමින් සිටි එක්තරා පිටස්තර පුද්ගලයෙක් කල්යල් බලා ඇගේ නිදිපැදුරට පය තබන්නේ ඇයගේ පහස පතාගෙනය. ඒ අනුව තම සැමියා යැයි සිතා ඇය ඔහුට විරුද්ධ නොවේ. ඇගේ සැමියා නොවන බව ඇය දැනගන්නේ සියල්ල සිදුවී අවසන් වූ පසුවය. එය ද ස්ත්‍රී දුෂණයකි.

** ස්ත්‍රිය වයස අවුරුදු දොළහට වැඩි අයකු වූවද එම පුරුෂ යාගේ භාර්යාව වූවද, ඇය එම පුරුෂයාගෙන් නීති මගින් වෙන්වී නොමැති නම් මිස ස්ත්‍රිය වයස අවුරුදු දහසය ට අඩුවනවිට ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව, මේ අතරින් කිනම් අවස්ථාවක් උද්ගත වූවත් සංසර්ගයේ යෙදුණේ නම් ඒවා ස්ත්‍රී දූෂණ ලෙස සැලකේ. පෙර තිබුණාට වඩා නීතිමය තත්ත්වයන් අලුතින් සංශෝධනය වුණේ ඇයි ?

පෙර තිබූ නීති සහ වගන්ති, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1995 අංක 22 දරණ දණ්ඩ නීති
සංග්‍රහය අනුව මෙය සංශෝධනය වුණා. එහි අරමුණ වුණේ කාන්තාවන්ට වඩාත් යහපත් නීතිමය රැකවරණයක් සැලසීමයි. එමෙන්ම දිනෙන් දින ඉහළ යන ස්ත්‍රී දූෂණ වැළැක්වීමේ අරමුණ ඇතිවයි. ඒ අනුව මේ වගන්ති වඩාත් සංශෝධිතව එයට එකතු කළා

* මෙම පනතට අනුව ස්ත්‍රී දූෂ කයකුට දැඩි දඬුවම් පැනවිය හැකිද ?

ප ඔව්. ඒ සඳහා නීතිරීති දක්වා තිබෙනවා. තම බලය ඇති තැනැත්තකු /රජයේ නිලධාරියකු හෝ තමන්
යටතේ සිටින පුරවැසියකු තම නිලබලය යොදා දූෂණය කරන ලද අවස්ථාවක දී රැඳවුම් නිවාසයක හෝ රක්ෂිත නිවාසයක පාලකයකු විසින් තම තත්ත්වය බලපවත්වමින් රක්ෂිත නිවාසයේ සිටින ස්ත්‍රියක දරු දැරියක දූෂණය කරනු ලැබූවිට.

** රෝහලක වෛද්‍යවරුන්/කාර්ය මණ්ඩලයේ අයකු විසින් තම බලය යොදා රෝගියකු - ස්ත්‍රියක දූෂණය
කරනු ලැබූවිට.යම් ස්ත්‍රියක් ගර්භනී බව දැන දැනම දූෂණය කරනු ලැබූවිට

** වයස අවු. 16ට අඩු ස්ත්‍රියක දූෂණය කළ විට.

** අබාධිත මානසික රෝගී කාන්තාවක දූෂණය කළවිට.

** රංචු ගැසී ස්ත්‍රී දූෂණයක් කළ විට.

මෙවැනි හේතු මත සිදුකරනු ලබන ස්ත්‍රී දූෂණයක් නිසා දූෂකයාට නීතියෙන් දැඩි දඬුවම් ලැබිය හැකිය.
වසර 10කට නොඅඩු වසර 20ක් නොඉක්මවූ සිර දඬුවමක් ද බරපතළ වැඩ සහිතව අධිකරණය තීන්දු කරන
දඬමුදලක් ද ගෙවිය යුතු අතර වින්දිතයාට වන්දි මුදලක් ද ගෙවීමට සිදුවේ.

මෙම වරදවල් කළේ වයස අවුරුදු 18කට අඩු අයකු නම්, අනෙක් පාර්ශ්වය වයස අවුරුදු 16ට අඩුවී ඇගේ
කැමැත්ත ඇතිව කළත් අවුරුදු 10ට අඩු සිරඬුවමක් හා දඩයක් ද ගෙවිය යුතු වෙනවා.

* ස්ත්‍රී දූෂණ වළක්වා ගන්නේ කොහොමද ?

බොහෝවිට ස්ත්‍රී දූෂණ වැඩි වශයෙන් සිදුවන්නේ නගරයට වඩා ග්‍රාමීයවය. නාගරිකව ජීවත් වන පුරුෂයන්ට ජීවිතයේ අත්විඳිය හැකි බොහෝ විනෝද කටයුතු වුවමනා තරම් නගරයෙන් ලබාගැනීමට හැකියාව තියෙනවා.

එහෙත් ග්‍රාමීයව ජීවත්වන ආර්ථික පහසුකම්වලින් පීඩිතව ජීවිතයේ ගැටලු මැද දිවිගෙවන මිනිසුන්ට එකම වින්දන කටයුත්ත ලෙස දැකිය හැක්කේ කායික සුවයයි. බොහෝවිට ගම්වල දිවිගෙවන නූගත් මිනිසුන් බොහෝමයක් යම් යම් දුරාචාරවලට ඇබ්බැහි වූවත් මත්වතුර, සුරාව සූදුව ට යොමු වූවන්. ඔවුන්ට වෙනත් රාජකාරී නැහැ.

බොහෝවිට රැකියාවන්වල යෙදීමක් නැහැ. මේ නිසා ඔවුන් සිටින්නේ කිසියම් අසහනයකින්. මෙවන්
අවස්ථාවක ඔවුන්ගේ සිතට එන්නේ කවුරුන් හෝ ස්ත්‍රියක් ගැන විය හැකිය. පහසුවෙන් දඩයම්කර ගත හැකි ස්ත්‍රියක් මොවුන්ගේ ආක්‍රමණයට ලක් කරගන්නවා.

සත්ත්වයින් අතර සංසර්ග අවශ්‍යතා ඇති වෙන්නේ කිසියම් වූ කාල පරාසයක් තුළ පමණයි. ඉන්පසු ලිංගික
කටයුතු කෙරෙහි උන්ගේ උනන්දුවක් ඇති වන්නේ නැහැ. එහෙත් මිනිසා තුළ උපතින්ම එම හැඟීම් ඇතිවී
මියයන තුරුම පවතිනවා. මේ නිසා ස්ත්‍රී දූෂණයක් සිදුවීමට කාලයක් වෙලාවක් නැහැ. හුදකලාව හා තනිකම
නිසාත් ලිංගික හැඟීම් ඉස්මතු වීම වැඩිපුර දක්නට ලැබෙනවා.

ස්ත්‍රී දූෂණ අතවරවලට ලක්වීමට කාන්තාවන් අතින්ද එක්තරා විදිහක අනුබල දීමක් සිදුවෙනවා. ඔවුන් අඳින අඳුම් පැළඳුම් එයට සාක්ෂි දරනවා. කාමුක හැගීම් උද්දීපනය වන පරිදි ශරීරයේ අංගෝපාංග උලුප්පා දක්වන පරිදි ඇඳුම් ඇඳීමත් මෙයට හේතුවක්. ශරීරය නිරාවරණය වන පරිදි ඇඳුම් මෝස්තර භාවිතා කිරීම නොදැනීම මෙවන් අතවරවලට ලක්වීමට අතවැනීමක්. තවත් බොහෝ ගම්බද කාන්තාවන් දිය නෑමට යන්නේ ඇළට, දොළට, පීල්ලට නැත්නම් නාන ලිඳ වගේ විවෘත ස්ථානවලට. ඇඟට තෙත්වුණු දිය රෙදිකඩ නිසා ඇගේ සිරුර පැහැදිලිව පෙනෙන්නට ගන්නවා විශේෂයෙන් ම සුදු පැහැ රෙදිකඩක්, තම පවුලේ කෙනකුගේ නැති නම් සැමියාගේ හෝ සුදු පැහැ සරමක් වැනි දෙයක් හැඳ දිය නාගන්නට පටන් ගන්නවා. සුදු පැහැයට අන් ඒවාටත් වඩා සිරුර විනිවිද පෙනෙනවා. වටපිට ගැන අවධානයක් නොමැතිව සිරුරේ කුණු ඇතිල්ලීම, සබන් ගෑම වැනි දේවල් සාමාන්‍ය දෙයක් ලෙසයි ඇය සිතන්නේ. කාන්තාවන් දිය නාන තැන්වල හොරෙන් සැඟවී බලා සිටින විකෘති කාමාශාවන් ඇති අය ඕනෑතරම් ඉන්නවා. මෙවැනි දේවල් දූෂකයාට ඉඩ සලසා දීමක්. දර කැඩීමට, රබර් කිරි කැපීමට, දිය ගෙන ඒමට හුදකලාව යාමත් අනතුරට අත වැනීමක්. පාලු පාරවල් කැලෑ ප්‍රදේශ පසුකරමින් තම නිවෙසට යන එන මඟ තනිපංගලමේ නොගොස් තවත් අය සමඟ රංචු ගැසී යාමයි කළ යුත්තේ. දූෂකයාගේ ඉලක්කය මඟ හැරවීමත් ස්ත්‍රී දූෂකයාට පාර නොකැපීමත් කළ යුතුයි."

"ස්ත්‍රී දූෂණයක් පමණක් නොවෙයි තම දූදරුවන් පිළිබඳව ද මවුපියන් නිසි අවධානය යොමු කළේ නම් තම දරුවන් එම අවාසනාවන්ත තත්ත්වයෙන් මුදා ගැනීමට හැකියාව තිබෙනවා. තම දරුවන් ගේ පාසල් පොත පත, ටියුෂන් පොත් සියල්ල දිනපතා මවුපියන්ගේ අවධානයට ලක්විය යුතුයි. සටහන් පොත්වල එදිනෙදා උගත් දෑ මොනවා ද යන්න විමර්ශනයට ලක් කළේ නම් තම දරුවා එම පංතියට සහභාගී වී ඇති බව සහතික කෙරෙනවා.

විඩාපත්ව ගෙදර එන දියණිය දෙස විමසුමෙන් බැලීමට මවක් අවබෝධ කරගත යුතුය. ඇගේ මුහුණ දෙතොල්වල සාමාන්‍යයෙන් දකිනවාට වඩා වෙනසක් නැති වගට විමර්ශනශීලී වියයුතුය. දියණියගේ ඇඳුම් පැළඳුම් නිරීක්ෂණයට ලක්කළ යුතුය. දරුවාගේ හුරුපුරුදු හිරිමල් සුවඳට අමතරව විලවුන් සුවඳක් දැනුණා නම් ජීවිතයට රතු එළියක් දැල්වෙන්නට හැකියි.

උදේ, දවල් බත් පතට අමතරව තවත් අයකුට බත් පතක් බැඳගෙන යන්නේ නම් ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. මව, පියා, ඥාතියකු ලබා නොදුන් වටිනා කියන ත්‍යාග ආදිය ඇය ළඟ තිබෙන්නේ කොහොම ද? ජංගම දුරකථනයන්, අත්ඔරලෝසු, ඇඳුම් පැළඳුම්, සුවඳ විලවුන් ඇයට ලැබෙන්නේ කාගෙන් ද? නුවණැති මවක් පියෙක් සොයාබැලිය යුතු නොවේද? අද මුදල් මතම දිවයන සමාජය තුළින් මිනිසත් කම් දුරස්වෙමින් පවතින්නේ අවාසනාවන්ත ලෙසය. කලකට පෙර ගම්මානවල තිබූ එකමුතුකම අද දක්නට නැත.

දියණිය පාඩම්කරන්නට හෝ අසනීපයක් නිසා ගෙදර තනිවී සිටින්නේ මව හා සෙසු අය රෙදි සේදීමට නාන්නට ගිය නිසාය. මුලු ගෙදරම තිබූ ලොකු රෙදි පොදිය රැගෙන අම්මා ළිඳට ගිය අයුරු බලා සිටින්නේ කාම වියරුවෙන් නෙත් වසාගත් අසල් වැසියෙකි. රෙදි සේදීමට ගිය ඇය බොහෝ වේලාවකින් නොඑන බව රෙදි පොදිය දුටු පුද්ගලයා අනුමාන කරන්නට ඇත. බොහෝ වේලාවක් ගතවන තුරු දියණිය ගෙදර තනිවම බව ඔහු සැකහැර ගන්නේ අම්මා රෙදි සේදීමට රැගෙන ගිය රෙදි කන්දරාව අනුවය.

කාගේවත් කටහඬක් අහළ පහළකවත් නැති මොහොතක පාපතරයන්ගේ ග්‍රහණයට හසුව පෙති සිදී ගිය මලක් ආයෙමත් නෑඹුල් මල් කැකුලක් වන්නේ නැත. එපමණද? ඇගේ ජීවිතයද අවසන් කර නොදැම්මානම් පුදුමයකි.

ස්ත්‍රී දූෂණ වළක්වා ගැනීමට ස්ත්‍රීන් දැනුම්වත් කිරීම තුළින්ම ඊට හැකියාව නැතත් සිදුවිය යුත්තේ මෙවන් අවස්ථා ගැන අප සියලුදෙනාම විමසිල්ලෙන් හා අවබෝධයකින් පසුවීමයි.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews