8/16/16


ධූම් - 2’ චිත්‍රපටය ඔබ නැරැඹුවා ද? මීට වසර කිහිපයකට පෙර තිරගත වූ මේ චිත්‍රපටය නැරඹුවානම් එහි ප්‍රධාන චරිත රඟපෑ රිතික් රෝෂන් සහ අයිශ්වර්යා රායිගේ ආන්දෝලනාත්මක රංගනය ඔබට මතක ඇති. එය සිප ගැනීමේ දර්ශනයක්. බොලිවුඩය සසල කළ මේ රංගනයට එරෙහිව ඇතැමුන් නඩු මගටත් පිවිසුණා. ඒ වන විට අයිශ්වර්යා, අභිෂේක් භච්චන් සමඟ විවාහ වන්නට සූදානම්වයි සිටියේ. නමුත්, එම සිද්ධිය දුරදිග ගියේ නැහැ.


දැන් නැවතත් එවැනිම රංගනයක් නිසා අයිශ්වර්යා අපහසුතාවට පත්වෙලා. මේ රංගනයත් තරමක් ආන්දෝලනාත්මකයි. මෙවර අයිශ්වර්යා රඟපෑවේ රන්බීර් කපූර් සමඟ ‘ඒ දිල් හේ මුෂ්කිල්’ චිත්‍රපටයේ. මෙම චිත්‍රපටයේ ඇතුළත් වන එක්තරා දර්ශනයක රන්බීර් සහ අයිශ්වර්යා රඟන ප්‍රේම ජවනිකාව සීමා මායිම් ඉක්මවා ගොස් ඇති බවයි පැවසෙන්නේ. මේ බව අයිශ්වර්යාගේ සැමියා, අභිෂේක්ටත් ඔහුගේ දෙමවුපියන්ටත් දැනගන්නට ලැබී මුළු භච්චන් පවුලම කනස්සල්ලට පත්වී සිටින බව බොලිවුඩ්පුරයේ ඇතැම් අය පවසනවා.

‘ඒ දිල් හේ මුෂ්කිල්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ජනප්‍රිය සිනමාකරු, කරන් ජොහාර්. ඔහු, මුලදීම මෙවැනි දර්ශනයක් රඟපෑමට තිබෙන බව අයිශ්වර්යාට පැවසුවත් ඇය ඊට එකඟ වී නැහැ. ඒත් පසුව එකඟ වූ අයිශ්වර්යා, රන්බීර් සමඟ මේ පෙම් ජවනිකාව නිරූපණය කරලා. චිත්‍රපටය තිරගත වීමටත් කලින් ඇතිවූ මේ ආන්දෝලනයෙන් දැන් අයිශ්වර්යාත් කලබල වෙලා. ඇය කරන් ජොහාර්ගෙන් ඉල්ලා ඇත්තේ දර්ශනය ඉවත් කරන ලෙසයි.

කෙසේ වෙතත්, අභිෂේක්ට සමීප අය පවසන්නේ වෘත්තීය රංගන ශිල්පියකු වන අභිෂේක් මෙවැනි රඟපෑම්වල වරදක් නොදකින බවයි. එම නිසා ඔහු සහ අයිශ්වර්යා ගේ යුග දිවියට එම රංගනය බාධාවක් නොවන බවත් ඔවුන් පවසනවා.

silumina

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews