8/13/16


• ඉදිරිපස:

1. ඉස්සරහ ගැන කතා කරද්දී කියන්න තියන ප්‍රධාන දෙයක් තමයි, ගොඩක් වෙලාවට අනතුරු වලට ලක් වෙච්ච බයික් වල fork බට ඇද වෙනවා.අපට ඇසට නොපෙනෙන ඇදයක් තිබුනොත් එයින් වෙන්නේ oil seal විනාශ වෙන එකයි.

2. ඉතින් ඔබ ඉස්සරහ shocks පරීක්ෂා කරන විට හිර ගතියක් දැනෙනවා නම් technician කෙනෙක් ලව බලව ගන්න.මොකද පසුව oil leak වීමට ඉඩ ඇති අතර.නැවත දමන දමන oil seal විනාශ විය හැක.

3. Oil seal ඉරිතලා කැඩී ඇති අතර fork බටය සහ අවට oil ඇත නම් අනිවාර්යෙන් පසුව oil දමා seal ද ගැසිය යුතු වෙයි.

4. ඔබ බයික් එකෙහි ඉදිරිපස පහලට තල්ලු කල විට නිකන්ම spring එකක් ලෙස ආපසු පැමිණෙයි නම් අනිවාර්යෙන් oil ඉවත ගොස් හෝ එම oil සෝදා හැර හෝ තිබිය හැකියි.

5. ඔබ ඉදිරිපසට තල්ලු කල විට smooth (හරියට butter wage)ලෙස නැවත ඉහලට පැමිණිය යුතු වෙයි.

6. තවද ඉදිරි පස fork බට වල ඉහල පහල යන පරාසයේ කුඩා මලකඩ dots තිබේ නම් ඉතින් අනිවාර්යෙන් oil seal damage වෙනවා නියතයි.එම නිසා මෙය පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

•පසුපස:

1.MONO shock: (hotnet,jade,vtr,bandit,XR,WR,SB,DRz)

2. Oil බේරී ඇත නම් shock එකෙන් ගන්න දෙයක් නැත.

3. තවද බයික් එකෙහි hump එකෙන් අල්ලා පහලට තද කොට එකවරම ඉස්සු විට “ඩොක්” වැනි ශබ්දයක් සමග ක්ෂණිකව ඉහලට එයි නම් ඒත් shock එකෙන් වැඩක නැත.

4. නැතිනම් වලවල් ඇති පාරක පැදලා බලන්න “ඩොක්’ වැඩි ශබ්දයක් සමග බයි එක විශාල වශයෙන් ඉහල පහල පැද්දෙයි නම් mono shock එක හරියටම වැඩ කරන්නේ නැත.

 Dual Shocks: (CB4,Volty,Clubman,Magna වැනි)

1. ඉහත පරිදිම පරීක්ෂා කල හැකිවෙයි.

2. තවද cornering කරන විටදී,(නවා වංගු ගැනීමෙහිදී) බයික් එකෙහි පස්ස වනෙයි නම් එහි shocks දෙකහි අවසානය ලඟා වී ඇත.

• ඉතා වැදගත්:

1. Mono shock එකක් නැවත සැදීමට 7000 පමණද, dual shock එකකක එකක් පමණක් සැදීමට 4000 පමන වැය වෙයි.

2. මම දන්නා තරමින් ලංකාවේ නියම ජපන් අමතර කොටස් දමා (washers and rings) නියම අයුරින් oil compress කර shocks හදන දෙදෙනෙක් පමණක් සිටියි.මගෙන් ඒ කවුරුදැයි අසන්න එපා.මොකද එකෙන් වෙන්නේ බයික්ස් හදන mechanicals ලට බඩේ පහර වදින එක විටරයි.

උපුටා ගත් ලිපියකි
මිතුරන්ට share කරන්න.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews