8/10/16


මේකට මං යොදාගන්නෙ වෛද්‍ය විද්‍යාෙව බෙහෙත් titration කරනව වගේ දෙයක්
මේකට මුලින්ම සිගරට් වලින් මිදෙනව කියල දැඩිව අදිශ්ඨාන කරගන්න අවශ්‍යයි (ශරීරයේ තැන්පත් වෙලා තෙයෙන නිකොටින් වගේ ඇබැබැහිකාරක නිසා අධිෂිඨානයම ප්‍රමාණවත් මදි). මේක ක්ෂණිකවම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි යම් කාලයක් යනව නමුත් මේක මට නං හරිගියා.


ඔබ සිගරට් පැකට් පිටිං ගන්න කෙනෙක් නං මුලින්ම ඒක නවත්වල කඩෙන් සිගරට් එකක් දෙකක් වගේ ගන්න පුරුදු වෙන්න. ඔබ සාමාන්‍යයෙන් බොන සිගරට් ගණන හොයගන්න. දවසකට සිගරට් 10ක් බොනව නං ඊලඟ දවසෙ බොන ප්‍රමාණය අඩු කරන්න හිතාගන්න. කොහොම හරි සිගරට් එකක් නොබී උපරිම වේලාවක් ඉවසගෙන ඉන්න බලන්න එතකොට සිගරට් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙකුට ඇඟෙන් සංඥාව එනව ඉක්මනටම සිගරට් එකක් බීපං කියල.

ඒ වගේ ඉවසන්නමම බැරි තත්වෙට එනකොට සිගරට් එකක් බොන්න පටං ගන්න හැබැයි ඒ බොන ටික හොඳට enjoy කරනව කියල හිතාගෙන බොන්න ලොකු උගුරු කීපයක් බොන්න බොනකොට යම් සහනයක් දැනේවි. එතකොටම සිගරට් එක විසිකරන්න එහෙම නැත්නම් ගිණිගන්න හරිය කතුරකින් කපල හරි වෙනත් ක්‍රමයකින් ඉවත් කරන්න ඉතිරි කෑල්ල හිස් පැක් එක ඇතුලට දාගන්න (කාටවත් පේන්නෙ නැති වෙන්න කරන්න හොඳේ) එතකොට සල්ලි ටිකක් හරි ඉතුරු කරගන්න පුලුවන් වෙයි.

ඔය ක්‍රමයටම සිගරට් නොබී උපරිම වෙලාවක් ඉඳල උගුරු කීපයක් හොඳට උරන්න සිගරට් එකෙන් 3/4 වඩා ඉතුරු වෙයි ඒත කමක් නෑ සිගරට් එක විසිකරන්න නැත්නම් මං කියපු විදියට සිගරට් එකේ ඉතුරු ටික තියාගන්න. මෙතන සිගරට් වල තියෙන නිකොටින් වගේ ඇබ්බැහිකාරක වලින් ඇති කරන පෙළඹවීමට පළිතුරු දීමයි. මට නං උගුරු කීපයකින් සහනයක් ගත්ත. සිගරට් ශරීරගත වෙන ප්‍රමාණය අඩු වෙනකොට ඇඟේ තියෙන නිකටින් ප්‍රමාණයත් හෙමිහිට අඩුවෙනව මං හිතන විදියට.

මට මේ විදියට smoking titration කරන්න මාස කීපයක් ගියා. මම 2013 මැයි මාසෙන් පස්සෙ සිගරට් එකක් කටේ තියල නෑ. මගේ මේ ක්‍රමය මට සාර්ථකයි කියල දැන් මට ප්‍රත්‍යක්‍ෂයි. මේ ක්‍රමයෙන් වෙන අයත් දුම්පානයෙන් මුදවාගැනීමට හැකිවේවා කියල මම ප්‍රාර්ථනා කරනව.

ඔබ සැමට තෙරුවන් සරණයි

 අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews