8/11/16


මේ දේවල් අවශ්‍යයි

ළපටි බණ්ඩක්කා - 250 g
හීනියට කපාගත් ලොකු ලූනු ගෙඩි - 1
හීනියට කපාගත් අමුමිරිස් කරල් - 2-3
කෑලි සහිත ගම්මිරිස් කුඩු තේ හැඳි - 1/2
මුදවපු කිරි මේස හැඳි - 3 - 4
පදමට ලුණු



පිළියෙල කරන්නේ මෙහෙමයි
තෝරාගත් බණ්ඩක්කා දිගට සිහින්ව කපා ගන්න. පසුව එයට අනික් සියලුම ද්‍රව්‍ය සමඟ මුදවපු කිරි, ලුණු දමා හොඳින් කළවම් කරගන්න.

එසේ කළවම් කරගත් බණ්ඩක්කා සලාදය ශීතකරණයේ විනාඩි 10 - 15 තබා ආහාරයට ගැනීමෙන් වඩා රසවත් වෙයි.

silumina

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews