8/16/16


නිරෝගීව ඉන්න, නිතර ව්‍යායාම කරන්න, ගුණදායක දේවල් කන්න, ශරීරයට අහිතකර දේවල් කෑමට ගන්න එක අඩු කරන්න කියලා කොයි තරම් කිව්වත් අපේ වැඩි දෙනෙක් ඕක ගාණකට ගන්නේ නෑ. තව එකක් කෑවට මොකද වෙන්නේ කියලා හිත හිත දිගටම කල් මරනවා.


අන්තිමේදී අමාරු වෙලා දොස්තර කෙනෙක් ලගට ගිහින් බය වෙලා ගෙදර ඇවිත් තමයි පෝෂණය ගැන හොයන්නේ. ඒත් ඒ වෙන කොට කොලෙස්ටරෝල් පිරිලා ලෙඩේ වැළඳිලා ඉවරයි. ලෙඩේ හැදුනට පස්සේ පරිස්සම් වෙන එකේ ලොකු ප්‍රයෝජනයක් නැහැ. කණගාටුවට කරුණ ඔය ටික වැඩි දෙනෙක්ට තේරෙන්නේ නැති එකයි.

කොලෙස්ටරෝල් වැඩි වීමේ අනිවාර්ය ප්‍රතිඵලය තමයි ඒවා රුධිර නාල මත තැන්පත් වෙලා ඒ නාල සිහින් කරන එක. ලේ නාල කියන්නේ අපේ ඇගේ හැම දෙයක්ම තැනකින් තැනකට ගෙනියන ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය කිව්වොත් වැරැද්දක් නැහැ.

පෝෂක, ඔක්සිජන්, ජලය වගේ හැම දෙයක්ම ශරීරයේ සෑම සෙලයකටම ඛෙදා හරින්නේ ලේ වලින්. ඒත් ඒවා ඇතුලේ කොලෙස්ටරෝල් හිර වුණාම මේ වැඩේ හරියට සිද්ධ වෙන්න බැරි වෙනවා. ඉතින් හදවත වැඩි පීඩනයකින් ලේ පොම්ප කරලා කොහොම හරි දිගටම රුධිර ගමනය තියා ගන්න බලනවා. මේකෙන් වෙන්නේ හදවත අනවශ්‍ය විදිහට වෙහෙසට පත් වෙලා හෘදයාබාධ ඇති වෙන එකයි.

කලින් කිව්වට ගණන් ගත්තේ නැති අය දැන් මේ ලෙඩෙන් බේරෙන්න ක්‍රම හොයනවා ඇති. අපි මේ කියන්න යන්නේ ඒ වගේ අයට තමන්ගේ රුධිර නාල වල තැන්පත් වුණු කොලෙස්ටරෝල් දිය කරලා හරින්න පුළුවන් ආහාර කිහිපයක් ගැනයි. මේවා නිතරම ආහාරයට ගත්තොත් ඔබට කොලෙස්ටරෝල් නිසා ඇති වන රෝග වලින් මිදෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා.


 මිතුරන්ට share කරන්න.
 උපුටා ගැනීමකි



NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews