8/21/16


“ඔය සමන්තගෙ වේදිකා නාට්‍යකට තමුසේ වියදම් කරලා, ඒකෙදි මිනිහා වැඩකරපු විදිහ ගැන තදින් කලකිරිලා ඔය වගෙ තිරිසන්නු තමුසෙ ළඟට එක්ක ආවට, තමුසෙ තිලකරත්න අන්කල්ටත් බැණ බැණ හිටියා නේද? නාට්‍ය උත්සවය වෙලාවේ හම්බවුණාම “හලෝ සනා” කියල තමුසෙ සමන්තට අත දීලා කතා කරනවා දැක්කම මට ඒ පරණ සිද්ධිය මතක් වුණා.” අතරමගකදී හමුවූ කුරේ සමඟ හෝටලයකට ගොඩවී තේ කෝප්පයක් බොමින් සිටියදී අබේනායක කීවේ ය.


“මිනිහා තිරිසනා බව ඇත්ත. ඒ වගේ ම එයා ගැන මම එදා දරපු ඒ ආකල්පයත්, පොඩ්ඩක්වත් වෙනස්වෙලා නැහැ. සනා කියල මම මිනිහට කතා කළේ තිරිසනා කියන එක කෙටිකරලයි කියල තේරුම් ගත්තොත් මිනිහා බුද්ධිමතෙක්” කුරේ පිළිතුරු දෙමින් කීවේ ය.

රාවය සහ පුරුද්ද

“උඹ දන්නවද ඔය රාවය සහ පුරුද්ද කියන වචනවල වෙනස?” නාඔටුන්න, සෙනෙවිරත්න ගෙන් ඇසුවේ අවන්හලේ මධුවිතක රස බලමින් සිටියදී ය.
“මොකෝ මං නොදන්නෙ? බදු ගහන එක ඕනෑම ආණ්ඩුවක පුරුද්ද ඒ බදු හින්දා බඩු මිල වැඩි වෙනවයි කියන එක රාවයක්” සෙනෙවි කීවේය.

හේතුව ඒකයි

“තුෂාරි නං මහත්වුණේ පිටරට සවාරියක් ගිහිල්ලා ගතකරපු මාස තුනේ බොහොම ඉහළ කෑම වර්ග සිතේ හැටියට කාලාබීලයි කියමුකො. ඉතින් ඔය කාල සීමාව ඇතුළතම උඹෙ ඇඟපතත් ආරල ඇවිත්නෙ. ඇත්තටම එහෙම වුණේ කොහොමද? චන්ද්‍රසිරි තම මිතුරා දෙස විමසුම් නෙතින් බලා ඇසීය.

“ඇයි අයිසෙ. මෙයා ලංකාවේ හිටියෙ නැති කාලෙ මමත් ඉතින් වෙනදට වඩා හොඳට, රහට කෑ‍වනෙ. ඒක තමයි මම මහත්වෙන්ඩ හේතුව” සෙනෙවි සිනාසෙමින් කීවේ ය.

 මිතුරන්ට share කරන්න.

 එඩ්වඩ් චන්ද්‍රසිරි
 silumina

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews