8/28/16


“කුමාර බොහොම පරිස්සමෙන් ඩ්‍රයිව් කරන කෙනෙක්නෙ. ඉතින් කොහොමද අනේ මේ වගෙ ඇක්සිඩන්ට් එකක් වුණේ?” ආරෝග්‍යශාලාවේ ඇඳක වැතිර සිටි කුමාරගේ බිරිය ඩල්සි ගෙන් රීටා විමසුවේ ඇගේ සුරත අල්ලා ගනිමිනි.


“ඊයේ අපි කොළඹින් ටිකක් ඈත භාවනා පන්තියකට ගියානෙ රීටා. ජීවිතේ හැම දෙයක් ගැනම තියෙන ආසාව, තන්හාව අතහැරියාම පුදුම සැහැල්ලුවක් දැනෙනවයි කියල හාමුදුරුවෝ අනුශාසනාවක් කළේ භාවනාවට කලින්.

භාවනාව ඉවර වුණාමත් හාමුදුරුවෝ ඒ කාරණාව අවධාරණය කළා. ඊට පස්සෙ තමයි අපි ආපසු කොළඹ එන්ඩ පිටත් වුණේ” ඩල්සි කීවාය.
“ඉතින්...?” රීටා ඇසුවේ නොඉවසිල්ලෙනි.

“ඉතින් අර හාමුදුරුවන්ගේ අනුශාසනාව කුමාර බොහොම තදින් හිතට අරගෙන තියල මට තේරුම් ගියෙ. ‘අපි හැම දෙයක්ම අතහරින්ඩ ඕනෙ...’ කියල වාහනේ පදවන ගමන් ම කුමාර කීප සැරයක් ම කියපු හින්දා. එහෙම කිය කියා ඉඳලා කුමාර එක පාරටම කාරෙකේ සුක්කානම අතහැරියා අනේ. එතකොට තමයි වාහනේ පාරෙන් පිටට පැනලා ‍‍ ‍ඩෝං ගාලා පොල් ගහක හැපුණේ.” ඩල්සි

මිතුරන්ට share කරන්න.
silumina

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews