8/21/16


“මට නං මගෙ මුළු ජීවිත කාලෙදිම කිසිම පිරිමියකුට මාව සිප ගන්න ඉඩදීලා නැහැ. ඒක මම ලොකු ආඩම්බරේකින් සිහි කරන්නෙ” අවිවාහක ලිපිකාරිනියක වූ සුසිලා තවත් එවැනිම යතුරු ලේඛිකාවක වූ රජිතා සමඟ කීවේ දිවා ආහාරය ගනිමින් සිටියදී ය.


“මටත් ඉස්සර එහෙම හිතුණා. ඒත් අනේ ඔය මෝඩකම්වලින් වුණේ අපි නිකං ගෙදරටම නාකිවුණ එක විතරයි.” රජිතා කීවේ සුසුමක් හෙළමිනි.
ඒකනං කරන්ඩ බැහැ

“මිස්ටර් සිරිවර්ධන, ඔහේගෙ ඇ‍‍ඟේ උසේ හැටියට බර හොඳටම වැඩියි. දවසකට පැය භාගය ගානේ දවස ගානෙම ඇවිදින එක අනිවාර්යයෙන් ම කරන්ඩ වෙයි.” තම නළාවෙන් ලෙඩාගේ පපුව සහ පිට හොඳින් පිරික්සා බැලූ වෛද්‍යවරයා අනතුරුව ඔහුගේ උස හා බර මැන බලා අවධාරණය කළේ ය.

“‍මේ දවස්වල නං ඒ වැඩේ කොහොමටවත් කරන්ඩ බැහැ ඩොක්ටර්. අන්තිමට මිනිස්සු කියයි මමත් පාද යාත්‍රාවට සම්බන්ධ වුණා කියල.” සිරිවර්ධන වෛද්‍යවරයා දෙස බලා කීවේ ය.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews