8/8/16


දෙළුම් කියන්නේ අනෙක් පලතුරුවලට වඩා රසයෙන් හා බාහිර පෙනුමෙන් වෙනස් පලතුරක්. මරණ මංචකයේ සිටින කෙනකුට මෙය අනර්ඝ ඖෂධයක්. ටිකක් විතර මිල ගණන් වැඩි වුණත්, එහි පවතින සුවිශේෂී ගුණ සමුදාය මිල පරදනවා.


දෙළුම්වල විද්‍යාත්මක නාමය වන්නේ punica Granatum යන්නයි. මෙහි අඩංගු පෝෂණ සංඝටක අතර ෆයිබර් 16%, කාබෝහයිග්‍රේට් 6%, කැලරි 4%, ප්‍රෝටීන් 3% විටමින් k 21, විටමින් C 17%, ෆෝලේට් 10%, විටමින් Bl 47%, කොපර් 8%, පොටෑසියම් 7%, මැංගනීස් 6% පොස්පරස් 4%, විටමින් A, C , E මෙන් ම ෆෝලික් අම්ලය ද පවතිනවා.

සායනික පෝෂණ අමෙරිකානු සඟරාවෙහි දෙළුම් ප්‍රතිඔක්සිකාරක ගුණය අතින් අනෙක් පලතුරුවලට වඩා ඉහළ ගුණයක් ඇති පලතුරක් බව දක්වා තිබෙනවා. අමෙරිකාවෙහි පෝෂණ විද්‍යාඥයන් කළ පර්යේෂණවලදී, කොලෙස්ට්‍රරෝල් වැළඳී ඇති රෝගීන්ට මෙය වඩාත් ගුණදායක බව සොයාගෙන තිබෙනවා.

දෙළුම් යුෂ පානය කිරීමෙන් අතීසාරය සහ කොලරාව වැනි තත්ත්ව සමනය කර ගත හැකි බව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අදහසයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව දෙළුම් ලෙලි සහ පොතු උදරයේ සංකූලතා වළක්වා ගැනීමට සාදා ගන්නා ඖෂධ ලෙස භාවිත කරනවා.

මේ පලතුර, ධමනි පද්ධතියේ ක්‍රියාකාරීත්වයට වඩාත් හිතකරයි. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සහ පියයුරු පිළිකා මර්දනය කිරීම සඳහා ගුණදායක පෝෂණ සංඝටක ඇති නිසා, මෙය ඉතාමත් ම වටිනා පලතුරක්. පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල ඉතා ඉක්මනින් මර්දනය කර ගැනීමට දෙළුම් ආහාරයට ගැනීමෙන් හැකියාව තිබෙනවා.

මැදිවියේ කාන්තාවන්ට වැළඳෙන රෝගයක් වන ඔස්ටියෝපොරෝසිස් තත්ත්ව වැළඳීමේ හැකියාව අවම කරන අතර, රුධිර නාලවල මේදය තැන්පත්වීම අඩු කරලීමට දෙළුම්වල අන්තර්ගත පෝෂණ සංඝටක මඟින් හැකියාව ලැබෙනවා. ධමනි ක්‍රියාකාරිත්වය ක්‍රමවත් කිරීමටත්, රක්තහීනතාව හේතුවෙන් ඇතිවන ශරීරය දුර්වල වීම සහ ක්ලාන්ත තත්ත්වයන්ගෙන් මිදීමටත් දෙළුම් යුෂ පානය කිරීම ඉතාමත් ම ගුණදායකයි.

දියවැඩියා රෝගීන්ට දෙළුම් යුෂ පානය කිරීම හිතකර බව වෛද්‍යවරු අනුමත කර තිබෙනවා. අලුත උපන් දරුවන්, නොමේරූ දරුවන් මෙන් ම අඩු කාලයෙන් උපදින ළදරුවන්ට දෙළුම් යුෂ අනර්ඝතම ඖෂධීය පානයක්.

අකලට සම වියපත් වීම, මුහුණෙහි රැළි වැටීම වැනි තත්ත්ව දුරලමින්, තරුණ පෙනුම චිරාත් කාලයක් රඳවා තබා ගැනීමට දෙළුම් කියන්නේ ඉතා වැදගත් පලතුරක්.

දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව කරන ලද පර්යේෂණ මඟින්, අක්ෂි ආසාදන, අතීසාරය, හෘද රෝග, පණු රෝග, කැස්ස, ඇදුම සහ උණ රෝග සුවකරලීමේ හැකියාව දෙළුම්වල ඇති බව හඳුනාගෙන තිබෙනවා. අනෙකුත් පලතුරුවලට වඩා පෝෂණ ගුණයෙන් ඉහළ පලතුරක් වන දෙළුම් ගසෙහි මල්, කොළ, මුල් සහ පොත්ත, බොහෝ රෝග සුව කිරීම සඳහා ආයුර්වේද ප්‍රතිකාර වශයෙන් යොදා ගන්නවා.
ගර්භනී මවුවරුන්ට දෙළුම් ඉතාමත් ම යෝග්‍ය, පෝෂණ ගුණයෙන් ඉහළ පලතුරක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

dinamina

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews