8/11/16


“මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා ය කියල මෙච්චර දඟලන්නෙ මොකද? මම ගැබිනියක්. මළ මිනියක් නෙමෙයිනෙ? ඉතින් ඇයි මේ මිනිස්සු මං ගැන කතා කරන්නෙ? මේක අසාමාන්‍ය දෙයක් ද? කාන්තාවකට දරුවෙක් ලැබෙන එක මේ මහ පොළොවෙ සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්.”


ජනප්‍රිය නිළි කරීනා කපූර් ඛාන් මේ අයුරින් වේගවත් ව අදහස් දැක්වූයේ ඇයට දරුවකු ලැබෙන්නට සිටින බවට මාධ්‍යයන් ඔස්සේ පුවත් පලවෙන්නට පටන්ගත් පසුවයි. ඇය වැඩි වශයෙන්ම දෝෂාරෝපණය කළේ ඉන්දීය මාධ්‍යයන්ටයි.

“මම ප්‍රෙග්නන්ට් වෙච්ච එක අපේ මාධ්‍යවලට ‘ජාතික ගැටලුවක්’ බවට පත්වෙලා. මම කරුණාවෙන් මාධ්‍යවලට කියන්නෙ මාව විශේෂත්වයකින් දකින්න එපා කියලයි. අපි දැන් ජීවත් වෙන්නෙ 2016 අවුරුද්දේ. 1800 ගණන්වල නෙමෙයි.

1800 ගණන්වල වුණත් මිනිස්සු මේ වගේ දේවල්වලදී විනීතව හැසිරුණා. ඒත් අද අපේ මාධ්‍ය හැසිරෙන්නෙ කිසිම සභ්‍යත්වයක් නැතුවයි. ඒ අය මං ගැන ප්‍රවෘත්ති පළ කරන්නෙ හරියට, මම වරදක් කළා වගෙයි.” කරීනා ආවේගයෙන් යුතුව එලෙස අදහස් දැක්වූවා. මේ අතර, වැඩිමහල් සොයුරිය වන කරිස්මා කපූර් ද කරීනාගේ සුව දුක් බලන්නට පැමිණ සිටියා.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews