8/22/16


බොලිවුඩ්පුරයේ ගිනි සිළුව ලෙස ලෙළ දෙන ජනප්‍රිය නිළි මල්ලිකා ෂෙරවට් පසුගිය සතියේ ඉහළ පෙළේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වුණා. මේ සංග්‍රහය පැවැත්වූයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්. ළඟදීම මහලේකම් ධුරයෙන් සමුගැනීමට නියමිතව සිටින හෙතෙම, මේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වූයේ ලොව සුප්‍රකට කලාකරුවන් සහ කලාකාරියන් වෙනුවෙන්.


වෙනත් රටවල ජනප්‍රිය නළු නිළියන් ද සහභාගි වූ මේ භෝජන සංග්‍රහයට බොලිවුඩ් සිනමාව වෙනුවෙන් ඇරයුම් ලැබුවේ මල්ලිකා ෂෙරවට්.

ඇය, මීට මාස කිහිපයකට පෙර ‘යුනිසෙෆ්’ සංවිධානයේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ඇරයුම් ලබා සහභාගි වන්නට වාසනාවන්තියක වූවා.

සුජීව තේවහෙට්ටිගේ

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews