8/28/16


හොලිවුඩ් සිනමාවට එක්වූ බොලිවුඩ් නිළි පරපුර අතරින් කැපී පෙනෙන රුවැත්තිය තමයි මල්ලිකා ෂෙරවට්. ඇය මෑතකදී රඟපෑ නවතම හොලිවුඩ් චිත්‍රපටය ‘ටයිම් රේඩර්ස්’. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ හොංකොංහි වෙසෙන සිනමාකරුවකු වන ඩැනියෙල් ලී. පසුගිය දා පැවැත්වුණු 69 වැනි කාන්ස් සිනමා උලෙළේ ද මේ චිත්‍රපටය තිරගත කෙරුණා.


‘ටයිම් රේඩර්ස්’ චිත්‍රපටයේ දර්ශන රැසක් චීනයේ බීජිං නුවර දී රූගත කෙරුණා. මේ දර්ශනවල මල්ලිකා රඟපෑවේ චීනයේ ජනප්‍රිය නළුවකු වන ජින්ග් බොරාන් සමඟයි. චීන රංගන ශිල්පියෙකු සමඟ රඟපෑම ඇගේ සිනමා ජීවිතයේ විශේෂ සිද්ධියක්. ඒ අතර තවත් විශේෂ සිද්ධියකුත් මේ රූගත කිරීම්වලදී සිදුවුණා. ඒ තමයි දැඩි ශීතමය කාලගුණ තත්ත්වයක් යටතේ මල්ලිකාට රඟපෑමට සිදුවීම. ආරංචි මාර්ග පවසන්නේ රූගත කිරීම් සිදුවූයේ සෙල්සියස් අංශක 10 ක තරම් අවම මට්ටමකට උෂ්ණත්වය පහළ බැස තිබූ මොහොතක බවයි. එතරම් දැඩි සීතලක් මැද්දෙයි බොලිවුඩ් රුවැත්තියට රඟපාන්නට සිදුවුණේ. කටුක අත්දැකීම් මැද්දේ ‘ටයිම් රේඩර්ස්’ චිත්‍රපටයේ එලෙස රඟපෑ අයුරු මල්ලිකා තම ට්විටර් වෙබ් පිටුවෙහි ද සටහන් කළා.

ට්විටර් පිටුව ඇයට වඩාත් සමීපයි. ඇය බොහෝ විට ට්විටර් පණිවුඩ සටහන් කරනවා. රසික පිරිස් සහ වෙනත් සමීපතමයන් ඇයට ට්විටර් ඔස්සේ පණිවුඩ එවනවා. මේ බව දැනගත් ට්විටර් වෙබ් අඩවියේ මූලස්ථානය මල්ලිකාට ඇරයුමක් කළා. ඒ, මීට වසර 7කට පෙර. ඇරයුම පිළිගත් ඇය කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ට්විටර් මූලස්ථානයට ගොස් එහි කාර්ය මණ්ඩලය සමඟ පැයක් දෙකක් සතුටෙන් ගත කළා. ඇගේ සම්ප්‍රාප්තියත් සමඟම ට්විටර් මූලස්ථානය එදා ප්‍රකාශ කළේ ආසියානු රටකින් තම කාර්යාලයට පැමිණි මුල්ම කලාකාරිය මල්ලිකා බවයි.

කෙසේ වෙතත් මෑතකදී ප්‍රියංකා චොප්රා පවසා තිබුණේ ට්විටර් මූලස්ථානයට මුලින්ම ගියේ තමන් බවයි. එම ප්‍රකාශය වැරැදි බව සඳහන් කළ ට්විටර් මූලස්ථානය, මල්ලිකා ෂෙරවට් 2009 දී එහි පැමිණි අයුරු පසුගිය දා සිහිපත් කළා.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews