8/12/16


i. Honda hornet වාගේ නම් ටැංකියට තට්ටු කරන්න යන්න එපා මොකද බයික් එක වැටිලා නම් ෂුවර් එකටම ටැංකිය තැලෙනවා.එක හින්ද ටින්කරින් කරපු ඒවා ලේසියෙන්ම හොයන්න පුළුවන් ටැංකියේ ඇතුල බැලීමෙන්.

ii. ටැංකියේ මුඩිය ඉවත්කොට torch එකක් ගසා බලන්න දෙපැත්ත තැලිලා හෝ ටින්කරින් කර ඇත්ද යනවග.

iii. තවත් කරුණක් නම් ටැංකියේ ඇතුලට condition එකෙන් ගොඩක් වෙලාවට බයික් එක පිළිබඳව අදහසක් ගන්න පුළුවනි.මොකද ටැංකිය මලකඩ කා නොමැති නම් ඔබට එය පැහැදිලව දැක ගත හැකි වෙයි. අළුපාට නියම steel වර්ණය තිබේනම් වඩාත් යෝග්‍ය වෙයි.

iv. Ducati, KTM, Triumph වැනි බයික් වල ටැංකියේ ඇතුලත ආරක්‍ෂිත ආවරණයක් (paint coating එකක්) ආලේප කර තිබෙන්නට ඉඩකඩ ඇත.

v. හැකි නම් ටැංකියේ අඩියට එළියෙන් torch එකක් ගසා බලන්න. මන්ද බොහෝ වෙලාවට මලකඩ කන ලද ටැංකි වල රොඩු ඉවත් කිරීමට ටැංකියේ යට කපා නැවත පාස්සා තිබෙන්නට පුළුවන්.එය නිමාකාරයට කර තිබෙයිද? සහ gum හෝ paste වර්ග වලින් සිදුරු වසා ඇත්දැයි බලන්න.

vi. ටැංකියේ paint එක original ද නැද්ද කියන එක නම් expert කෙනෙකුට තමයි බලන්න වෙන්නේ.ඉතින් බැලූ බැල්මට paint එක හොඳ නම් අවුලක් නැහැ.pearl හෝ metallic නම් ඉතාමත් හොඳයි.

vii. ටැංකියේ මුඩිය ඉවත් කල පසු කට වටේට හොඳින් පරීක්ෂා කිරීමෙන් paint කිරීම පිළිබඳව හොඳින් කරුණු වටහා ගත හැකි වෙයි.

viii. අයිතිකරු හැම විටම Fuel petcock valve හෙවත් ඉන්ධන වෑල් එක වසා ඇත්නම් එමගින් කියවෙන්නේ මෙහි carb එක flood හෙවත් උතුරන බවයි. එනිසා ඒ පිළිබඳවත් අවදානය යොමු කරන්න.

• පසුපස hump එක:

i. මෙහි විශේෂ යමක බැලීමට නැතත් seat එක ඉවත් කර hump එක fiber කර තිබේද යන්න සොයා බලන්න.බොහෝ වෙලාවට Honda jade,hornet සහ bandit වල මෙය පුපුරන නිසා සහ චැසියට සවිවන ස්ථාන කඩෙන නිසා fiber කරනු ලබයි.


NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews