8/28/16


නාර්ගීස් ෆාක්රි බොලිවුඩ්පුරයේ තරුවක් වුවත් ඇය පදිංචිව සිටින්නේ ඇමෙරිකාවෙයි. පසුගිය දා මුම්බායිහිදී ඇය, තමන් සතු ඒ. ටී. එම්. කාඩ්පතින් මුදල් ලබා ගනිද්දී දක්නට ලැබුණේ ඇය අපේක්ෂා නොකළ දෙයක්. ඇගේ බැංකු ගිණුමෙන් රු. ලක්ෂ 6ක මුදලක් අතුරුදන් වෙලා.


නාර්ගීස් වහාම මේ ගැන මුම්බායි පොලීසියට පැමිණිලි කළා. ඒ පිළිබඳව වැඩිදුර කළ පරීක්ෂණවලින් හෙළි වුණේ නර්ගීස්ගේ ඒ. ටී. එම්. කාඩ්පතෙහි ඇතුළත් දත්ත සොරකම් කර ව්‍යාජ කාඩ්පතක් නිර්මාණය කර මුදල් ලබාගෙන ඇති බවයි.

නාර්ගීස්ගේ බැංකු ගිණුම අයත් වාණිජ බැංකුවට මේ පිළිබඳව දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒත්, එම දැනුම් දීම සිදුකර පැය 4ක් ඉක්ම ගිය ද නර්ගීස්ගේ බැංකු ගිණුමට අදාළ ගනුදෙනු නවතා දැමීමට කටයුතු කර නැහැ.

එයට හේතුව කුමක්දැයි ඉන්දීය පොලීසියේ සයිබර් අපරාධ පිළිබඳ අංශය පරීක්ෂා කරගෙන යනවා. පොලීසිය පවසන්නේ මෙම ව්‍යාජ ඒ. ටී. එම්. කාඩ්පත නිර්මාණය කර ඇත්තේ විදේශයකදී බවයි.

මිතුරන්ට share කරන්න.
silumina

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews