8/22/16


ආසියාවේ මයිකල් ජැක්සන් කියලයි, මේ රංගන ශිල්පියාව එක්තරා කාලයකදී සිනමා විචාරකයන් හැඳින්වූයේ. ගී රිද්මයන්ට අනුව අපට සිතාගත නොහැකි ලෙස තම සිරුර ලෙළදෙවමින් නර්තනයෙහි යෙදුණු ඔහු, මයිකල් ජැක්සන්ගේ නර්තන විලාසයන් අබිබවමින් රඟපෑවා. ඔහු තමයි, ප්‍රභූ දේවා. දකුණු ඉන්දීය සිනමාවෙන් රංගන ක්ෂේත්‍රයට පා තබා ඉන් පසුව බොලිවුඩ් සිනමාවට එක්වූ ප්‍රභූ දේවා දැන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්; නිෂ්පාදකවරයෙක්. පසුගිය වසර කිහිපය තිස්සේම ඔහු රැඳී සිටියේ බොලිවුඩ් සිනමාවෙයි.



බොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළ මේ අපූර්වතම නළුවාගේ මීළඟ නිෂ්පාදනය දමිළ තෙලිගු සහ හින්දි යන භාෂා තුනෙන්ම දෙබස් එක්කර නිර්මාණය, කළ චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම, ‘අභිනෙත්‍රි.’ අධ්‍යක්ෂණය කළේ දකුණු ඉන්දීය සිනමාකරුවකු වන විජේ. මෙම චිත්‍රපටයේ ප්‍රභූ දේවා ද චරිතයක් නිරූපණය කරනවා. ‘අභිනෙත්‍රි’, සංත්‍රාසය සහ හාස්‍යය කැටි වූ චිත්‍රපටයක්.

“මේක චිත්‍රපට 3ක් එකට හැදුවා වගේ අත්දැකීමක්. මම මේ චිත්‍රපටයේ තිර නාටකයට කැමැති නිසාම චරිතයක් රඟපෑවා. මගේ චරිතයේ නම ක්‍රිෂ්ණා. ඔහු නවීන පන්නයේ කාන්තාවක සමඟ පෙමින් බැ‍ඳෙනවා. ‘අභිනෙත්‍රි’ චිත්‍රපටය මගේ සම නිෂ්පාදන දායකත්වයෙන් ‘ප්‍රභූ දේවා ස්ටුඩියෝ’ කියන ලාංඡනය යටතේ තිරගත වේවි.” ප්‍රභූ දේවා පැවසුවා.

මේ චිත්‍රපටයේ ප්‍රචාරය වෙනුවෙන් නිර්මාණය වූ පෝස්ටරය පසුගිය දා එළි දැක්වුණේ හොලිවුඩ් සිනමා නළු ජැකී චෑන් අතින්. ලබන නොවැම්බරයේදී රූගත වීම ඇරැඹෙන දමිළ - තෙලිගු ද්විභාෂික චිත්‍රපටයක රඟපාන්නත් ප්‍රභූ දේවා දැන් සිටම සූදානම් වෙමින් සිටිනවා. මේ චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව තවත් අලුත් බොලිවුඩ් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නයි ප්‍රභූ දේවාගේ කල්පනාව.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews