8/10/16


"ඩිෂුම්" බොලිවුඩ් චිත්‍රපටය හරහා මේ දිනවල ඔබ දකින ශ්‍රී ලංකා රූපරාජිනි ජැක්ලින් ෆර්නැන්ඩේස් "කොයි මෝයි" වෙබ් අඩවිය සමගින් එක්වූ සම්මුඛ සාකාච්ඡාවකදී පවසා තිබුණේ තමා බොලිවුඩයේ "කිං ඛාන්" වන ෂාරුක් ඛාන් සමගත්, "කිරූළු නොපළන් රජුන්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අමීර් ඛාන් සමගින් චිත්‍රපටය රඟපෑමට දැඩි කැමැත්තෙන් පසුවන බවයි.


ජැක්ලින් මීට පෙර බොලිවුඩයේ සුපිරි ඛාන් නළුවෙකු වූ සල්මාන් ඛාන් සමගින් "කික්" චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ අතර, එය ආදායම් උපයා ගැනීම් අතින් අතිසාර්ථක එකක්ද විය. "ඩිෂුම්" චිත්‍රපටයෙන් පසුව ජැක්ලින් රංගනයෙන් දායක වන තවත් බොලිවුඩ් චිත්‍රපටයක් අගෝස්තු 25 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙන අතර, ඒ "ප්ලයින්ග් ජෙට්" චිත්‍රපටයයි. මෙය "සුපර්හීරෝ" චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර තිබේ.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews