8/16/16


ඉන්දියාවේ පැරැණි ක්‍රීඩාවක් වන කබඩි ක්‍රීඩාව වෙනුවෙන් පැවැත්වුණු එක්තරා උත්සවයකදී ජනප්‍රිය නිළි සනි ලියොන් කට වරද්දාගෙන තිබෙනවා. වෙන මොනවත් කියන්නට ගිහින් නොවෙයි. ඉන්දීය ජාතික ගීය වැරැදි ලෙස උච්චාරණය කිරීමෙන්. මේ ක්‍රීඩා උත්සවය රූපවාහිනී චැනලයකින් සජීවීව විකාශය කෙරුණා.

දින කිහිපයක් තිස්සේ පැවැත්වූ කබඩි තරගාවලියේ එක් දිනයක ආරම්භක අවස්ථාවට එක්වන්නට ඇරයුම් ලැබුවේ සනි ලියොන්. උලෙළ ආරම්භ කරමින් සුපුරුදු පරිදි මුලින්ම ජාතික ගීය ගායනා කෙරුණා. එහිදී ඇය ජාතික ගීයේ වචන උච්චාරණය කළේ නිවැරැදිව නොවන බව උලෙළ රූපවාහිනියෙන් නැරැඹු බොහෝ දෙනෙකු දුටුවා. එය දඬුවම් ලැබිය හැකි වරදක්.


මේ නිසා එයට එරෙහිව නවදිල්ලියේ නිව් අශෝක් නගර් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ එම නගරයේ වැසියෙක් ජනප්‍රිය නිළියක වන සනි ලියොන් වැරැදි ලෙස ඉන්දීය ජාතික ගීය උච්චාරණය කළ බවයි, එම පැමිණිල්ලේ සඳහන් වන්නේ.

සනි ලියොන් වැනි ජනප්‍රිය නිළියක ඒ අයුරින් ජාතික ගීයේ වචන වරද්දමින් ගායනා කරන විට ඇගේ රසික පිරිස ද ඒ වරද සිදු කිරීමට ඉඩ තිබෙන බවත් එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

ඇමෙරිකානු - කැනේඩියානු සම්භවයක් සහිත මේ නිළිය කළ යුතුව තිබුණේ ජාතික ගීය හොඳින් පුහුණු වී පැමිණීම යැයි ද එහි සඳහන් වූ තවත් කරුණක්.

මෙයට ප්‍රතිචාර දැක්වූ සනී, එම කබඩි ක්‍රීඩා උලෙළ පැවැත්වීමට කලින්, ඉන්දීය ජාතික ගීය තමන් විසින් ගායනා කර පුහුණු වූ බව ට්විටර් වෙබ් පිටුව ඔස්සේ ප්‍රකාශ කර තිබුණා. එලෙස පුහුණු වූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ද ඇය ඊට එක්කර තිබුණා.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews