9/5/16





“අර නිළියක් උඹලගෙ පත්තරේට ගිය සුමානෙ කියල තිබුණා නේද උඩුගං බලා පීනනවා කියල. ඒවා අමූලික බොරුවක්නෙ.” කලා පුවත්පතේ කර්තෘ ඉදිරිපිට පුටුවකට බර දෙමින් චන්ද්‍රසිරි කීවේ කතුවරයා දෙස බලමිනි.


“ඒ කොහොමද ඒක බොරුවක් වෙන්නෙ?” කතුවරයා චන්ද්‍රසිරි දෙස බලා විමසුවේ තරමක කුතුහලයකිනි.
“ඔය නිළියට මුලින් ම නාට්‍යයක රඟපාන්ඩ චාන්ස් එකක් අරගෙන දුන්නෙ මම. අපි ඒ නාට්‍යය රත්නපුර පැත්තේ හෝල් එකක පෙන්නු‍ව වෙලාවක, ඒ කිට්ටුව ගඟක නෑවා මතකයි.

අන්න එදා අපේ නිළියෝ දෙතුන් දෙනෙක් ම පීනලා නාද්දි, ඔය නිළිය ඉවුර කිට්ටුවක ඉඳගෙන නෑවේ බාල්දියකින්.
සාමාන්‍ය විදියට පීනන්ඩවත් බැරි හින්දනෙ බං එයා බාල්දියෙන් නෑවේ. ඉතින් කොහොමද එයා උඩුගංබලා පීනන්නෙ.” චන්ද්‍රසිරි කීවේ ය.

 මිතුරන්ට share කරන්න.

silumina
එඩ්වඩ් චන්ද්‍රසිරි

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews