9/16/16



පුවටෝ රිකෝහි රූ රැජින ලෙස තේරුණු ඇයට පසුව එම කිරුළ අහිමිවූයේ ඇගේ හැසිරීම හේතුවෙනි. කිරුළ නැවත ලබාගැනීමට අධිකරණයේ පිහිට පැතුවද ඇයට ඒ සඳහා ඉඩක් නොලැබිණි. විශ්ව රූ රැජින තරගය සඳහා තම රට නියෝජනය කරන්නට තේරුණු ක්‍රිස්තිලී කැරීඩ් නම් ඇය තම හැසිරීම තුළින් රටේ විශ්වාසය කඩකළ බව මෙහිදී ඇගේ ඉල්ලීම ඉවත දමමින් විනිසුරුවරයා පවසා තිබේ.





විශ්ව රූ රැජින තරගය සඳහා ඉදිරිපත්වීමට පෙර සූදානමක් ලෙස යන්නට තිබු හිසකෙස් සකසන ආයතනයට යෑම ප්‍රතික්ෂේප කළ ඇය දැඩි වාහන තදබදය හේතුවක් ලෙස ඉදිරිපත් කොට රූපවාහිනි වැඩ සටහනකට පැමිණීමෙන්ද වැළකුනාය. ඇයට කිරුළ අහිමිවූයේ මේ හේතුවෙන් වන අතර නැවත කිරුළ හා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක වන්දියක් ඉල්ලා ඇය තරග සංවිධායකයින්ට එරෙහිව නඩු පැවැරුවාය. සතියක කාලයක් පැවැති නඩු විභාගයට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබිණි.

lakbima

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews