9/5/16


“හරිම පුදුමයක් නෙ අනේ මේක. සාමාන්‍යයෙන් හැම සතියකම වගෙ වෙළෙඳ දැන්වීම් අතිරේකවල වැඩි හරියක් තියෙන්නෙ කොළඹයි, ඒ අවටයි පළාත්වල ඉඩම්, ගෙවල් විකුණන්ඩ තියෙනවයි කියල පළකරන දැන්වීම් නෙ.


වැඩි ඉල්ලුමක් තියෙන්නේ ඒ පළාත්වලට හින්දා ඒක එහෙම‍ වෙන එකේ පුදුමයක් නැහැනෙ. ඒ වුණාට අද දැන්වීම් අතිරේක පිරිලා තියෙන්නෙ වේයන්ගොඩ පැත්තේ ඉඩම්, ගෙවල් විකුණන දැන්වීම්වලින්නෙ. මොන පුදුමයක් ද මේක!” සති අන්ත පුවත්පත්වල වෙළෙඳ දැන්වීම් අතිරේක කියැවීම තම විනෝදාංශය කරගත් කාන්ති තම සැමියා දෙස බලා කීවේ කියවමින් සිටි දැන්වීම් අතිරේකය පසෙක දමමිනි.

“මොකක්ද හාමිනේ ඕකෙ පුදුම‍ වෙන්ඩ තියෙන්නෙ?” මේ ඊයේ පෙරේදා හමුදා අවි ගබඩාවක් පුපුරලා සාලාවට වෙච්ච දේ මතකයි නේද? හාමිනේට ඔය ඩිංගට අමතක වුණාද? ඊළඟ අවි ගබඩාව තියෙන්නෙ වේයන්ගොඩනෙ හාමිනේ.” චන්ද්‍රසිරි කීවේ සිනාසෙමිනි.

 මිතුරන්ට share කරන්න.

silumina
එඩ්වඩ් චන්ද්‍රසිරි

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews