9/13/16


මේ දේවල් අවශ්‍යයි

තම්බා ගත් නූඩ්ල්ස් - 400 g
ලොකුවට කපාගත් ගෝවා - 50 g
ලොකුවට කපාගත් කැරට් - 50 g
කපා ගත් බෝංචි - 50 g
බිම්මල් - 50 g
බැදගත් කුකුළු මස් - 100 g
කපාගත් ලූනු - 50 g
ලුණු, ගම්මිරිස් පදමට
කංකුං - 100 g
ඔයිස්ටර් සෝස් මේස හැඳි - 3
තක්කාලි සෝස් මේස හැඳි - 2
සීනි තේ හැඳි - 1
කෑලි මිරිස් තේ හැඳි - 1
ගම්මිරිස් තේ හැඳි - 1
බැද ගැනීමට තෙල්


සාදන්නෙ මෙහෙමයි -

පළමුව තම්බා ගත් නූඩ්ල්ස් රත්වූ ගැඹුරු තෙලට දමා බැඳ ගන්න. පසුව බැඳ ගත් නූඩ්ල්ස් සුදුසු භාජනයකට දමා තබන්න. වෙනත් භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක් දමා රත්වන විට ඉඟුරු, සුදුලූනු දමා තෙම්පරාදු කරගන්න. ඉන්පසු කපාගත් සියලුම එළවළු වර්ග සහ වතුර අඬු කෝප්ප එකක් සමඟ කුකුළු මස් ද එක්කර තම්බා ගන්න.

තැම්බුණු පසු සෝස් වර්ග සමඟ අනිකුත් සියලුම ද්‍රව්‍ය එයට එක්කර හොඳින් කලවම් කරගන්න. අවශ්‍යනම් එයට කෝන් පිටි තේ හැඳි 1/2ක් එකතු කරගන්නත් පුළුවන්. එම මිශ්‍රණයට බැදගත් නූඩ්ල්ස් උඩින් දමා කෑමට පිළිගන්වන්න.

silumina

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews