9/9/16


මේ දවස්වල මොනවද කරන්නේ?
කීර්ති කේ. රත්නායක ලියූ "මනමාලයා" වේදිකා නාට්‍යයේ පුහුණුවීම් තියෙනවා. අජිත් රූපසිංහගේ නිෂ්පාදනයක් වන මේ ටෙලිනාට්‍යයේ, මම මැණිකේ අත්තනායක, හෂිනිකා කරලියද්ද, නලීන් ප්‍රදීප් උඩවෙල රංගනයෙන් දායක වෙනවා.


මේ තරම් කාර්යබහුල ජීවන රටාවක් ඇතුළේ ගෙදර කටයුතු කළමනාකරණය කරගන්නේ කොහොමද?
ගෙදර වැඩ අපි තුන්දෙනා බෙදාගෙන කරනවා. පුතාත් අපි දෙන්නගේ කාර්යබහුල බව අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා අපේ කාර්යබහුල බව එයා ඇඟට ගන්නෙත් නැහැ.
කාර්යබහුල නිසාම වගකීම් මඟහැරෙන අවස්ථා නැද්ද?
නැහැ. අපිට වෙන අයට වගේ නිසි වේලාවක් නැහැ. ඒ කාර්යබහුල බව නිසාම තරමක් මඟහැරෙන අවස්ථා තියෙනවා. අවබෝධය තමයි වැදගත්ම වෙන්නේ.
මම සැමියත් එක්ක හැමදේම කතා බහ කරනවා. එයා කරන දේ මම දන්නවා. මම කරන දේ එයා දන්නවා. ඒ අවබෝධය නිසා වගකීම් මඟහැරීම හරි අඩුයි.
රංගන ශිල්පිනියන්ගේ විවාහ ජීවිතය අසාර්ථකයි කියලා සාමාන්‍ය සමාජයේ මතයක් තියෙනවා. ඒක ඇත්තද?
මෙහෙමයි සාමාන්‍ය අය අතරෙත් එවැනි ප්‍රශ්න ඕන තරම් තියෙනවා. නමුත් කලාකරුවන් විදියට අපි ප්‍රසිද්ධ නිසා අපිට අවධානය යොමුවීම වැඩියි. මාධ්‍ය වුණත් අපේ කලාකරුවන් අතර එවන් ප්‍රශ්න ඇති වුණාම එය උලුප්පා දක්වනවා.
මාසෙකට කී වතාවක් විතර සැලොන් යනවද?
අනේ ඇත්තටම යන්නෙම නැති තරම්. බාහිර අලංකාරය ගැන හිතනවා හරිම අඩුයි. නමුත් කෑමබීම ගානට වේලාවට ගන්නවා. අභ්‍යන්තර සෞඛ්‍ය ගැන හිතනවා. හුඟක් අය මගෙන් අහනවා "ඇයි මාධනි ඔයා ලිප්ස්ටික් ටිකක්වත් ගාන්නෙ නැත්තෙ කියලා." ඇත්තටම ඒවට මම කැමැති නෑ. ඒ මගේ හැටි.
ඒ වුණාට කොණ්ඩෙ නම් කැපුවා නේද?
ඔව්. මට දිග කොණ්ඩයක් තිබුණා. ඒත් පුතා ලැබුණට පස්සේ මට කොණ්ඩෙට සත්කාර කරන්න කාලයක් තිබුණේ නැහැ. ඒ නිසා කෙස්ගස් ගැලවෙන්න ගත්තා. ඒ නිසා කොණ්ඩෙ කොටට කපලා දැම්මා.
විලාසිතා තෝරන විට සැලකිලිමත් වෙන දේවල් මොනවද?
මම කැමැති මට පහසු විදියට අඳින්නයි. ඒ නිසා කලිසමයි, ටීෂර්ට් එකයි අඳිනවා. උත්සවවලට සාරිය ඔසරිය අඳිනවා. ලුංගිය අඳිනවා. කුර්තා ටොප් එක සහ ලුංගිය අඳින්න මම හරිම කැමැතියි.
කඩවලට ගියාම දකින දකින දේ ගන්න පුරුද්ද මාධනිටත් තියෙනවද?
අනේ නැහැ. මම හරිම අරපිරිමැස්මයි. අපිට ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ. වේදිකාව කියන්නේ මුදල් ලැබෙන තැනක් නෙවෙයි. ටෙලි නාට්‍ය, චිත්‍රපටවලින් නම් මුදලක් ලැබෙනවා. ඒ අරපිරිමැස්ම නිසා තමයි තනියම කොළඹට ඇවිත් ඉඩම් අරන් ගෙවල් පවා හදා ගත්තේ.
මාධනි හැදුණේ නීතිරීති දාලා හිර කරපු පවුල් පසුබිමකද?
නැහැ. එහෙම පොඩි කාලේ ඉඳලම නීති දාලා නැහැ. මම කලාවට ළැදියි කියලා එයාලා දැනගෙන හිටියා. උසස් පෙළ කරලා කොළඹට එද්දිත් එයාලා මට මොනවත් කිව්වේ නෑ. තාත්තා කිව්වා "ගැහැනු ළමයකුට කොළඹ ගිහින් තනියම ඉන්න බැරිවෙයි" කියලා. ඒ ඇරෙන්න මට කවදාවත් යන්න එපා කිව්වේ නැහැ.
එහෙමනම් මාධනිත් ගෙදර අයට නීති දාන්නේ නැතිව ඇති නේද?
නැහැ, පුතාට ටිකක් නීති දානවා. හදාගන්න ඕන නිසා. දැන් දරුවොන්ට නීති දාන්නේ නැතිව හදන්න බයයි. එයාලා ඉක්මනට තාක්ෂණයට, කාර්ටූන්වලට, ටී.වී. එකට ඇබ්බැහි වෙනවා.
පුතාගේ පාසලේ කටයුතුවලට සහාය වෙන්නේ මොන විදියටද?
හුඟක් වෙලාවට එයාගෙ ඉස්කෝලේ වැඩ බලන්නේ මම තමයි. එයා පාසලේ වැඩවලට අමතරව සංගීතය, නාට්‍ය හා රංග කලාව හදාරනවා. ඒ නිසා මඟහැරෙන පාසල් වැඩ වගේම ටියුෂන් ගැනත් හොයලා බලන්නේ මම තමයි.
කාන්තාවක්, මවක්, බිරියක් විදියට ඔබ ඔබටම දාගෙන තියෙන සීමාවන් මොනවද?
ඇත්තටම මම ආදර්ශවත් වෙන්න ඕන. මම ලොකු පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. සැමියා රටේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඇඳුම්, පැලඳුම්, හැසිරෙන විදිය, වචන භාවිතය පවා මම කරන්නේ පරෙස්සමෙන්. කොහොමත් මම තැනේ හැටියට ඇණේ ගහනවා.
හංසි ආටිගල
mawbima

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews