9/18/16


කාලෙකින් දැක්කේ නැහැ, මොකද නිහඬ වෙලා?

මම ගිය අවුරුද්දේ මහරජ අජාසත් චිත්‍රටපයේ චරිතයක් කළා. තවත් චිත්‍රපටයක් එන්නත් තියෙනවා.
ජනප්‍රිය කෙනෙක් වුණාම ලස්සනට ඉන්න ඕනනේ.

ඒ වෙනුවෙන් මොනවද කරන්නේ?
ලස්සන වෙනවට වඩා තියෙන ලස්සන පොලිෂ් කරගන්න මම උත්සාහ කරනවා. ශරීරය ගැන හිතනවා. ඒ වගේම අවශ්‍ය විදියට ගැළපෙන විදියට ව්‍යායාම කරන්නත් ඕනෑ.


එහෙම තියෙන ලස්සන පොලිෂ් කරගන්න සෑහෙන වියදමක් යනවා ඇති නේද?
එහෙම කියලා ලොකු වියදමක් යන්නේ නැහැ. මම ලස්සනට ඉන්න ඇත්තටම වියදම් කරන්නේ නැති තරම්.

සම සුදු වෙන්න පාවිච්චි කරන එන්නතක් පිළිබඳව ක්‍ෂේත්‍රයේ කතාවක් පැතිරිලා යනවා. මේනකා මේ ගැන දන්නවද?
ඒක ඉතින් මම නම් දන්නේ නැහැ. මම පාවිච්චි කරලත් නැහැ. සල්ලි තියෙන අයට නම් ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඇති. මට ඉතින් ඒ ගැන අදාළ නෑ. මම දන්නෙත් නැහැ.

චිත්‍රපට කීයකට විතර සම්මාන ලැබිලා තියෙනවද?
මගේ චිත්‍රපට ආවා. මහරජ අජාසත් චිත්‍රපටයේ වුණත් මම චරිතයට සාධාරණයක් කළා. නමුත් මට කවදාවත් චිත්‍රපට ක්‍ෂේත්‍රයේ ඇගැයීමක් ලැබිලා නැහැ.

ඒ කියන්නේ කිසිම සම්මාන උළෙලක සංවිධායකවරුන්ට මේනකාව මතක් වෙලාවත් නෑ කියන එකද?
එහෙම කියන්න බැහැ. මොකද මම රයිගම් ටෙලි සම්මාන උළෙලේ පසුගිය වසරේ ජනප්‍රිය නිළිය සඳහා නියෝජනය වුණා.

සමාජ ජාල වෙබ් අඩවි හුඟක් රංගන ශිල්පිනියන්ට මඩ ප්‍රහාර එල්ල කරනවා නේද?
ඔව්, මාධ්‍ය එක අතකින් අපට හුඟාක් උදවු කරනවා. ඕනෑම දේකදි එහෙමනේ. සමහර අය හොඳ කියනවා. සමහර අය මඩ ගහනවා. අපි මොන තරම් හොඳට හිටියත් මඩ ගහන එක නවත්තන්න අපිට බෑ.

මේනකාටත් එවැනි අත්දැකීම් තියෙනවද?
මට නම් ඒ වගේ දේවල් වෙනවා වැඩියි. මම අනන්තවත් එහෙම අවස්ථාවලට මුහුණ දීලා තියෙනවා. නමුත් මම එවැනි දේට විරුද්ධව පියවරක් අරගෙන නැහැ. මොකද මාධ්‍ය කියන්නේ ලොකු බලයක් තියෙන පිරිසකට. අපිට ඒ අය එක්ක හැප්පෙන්න බැහැ.

ව්‍යාපාර කටයුතු කොහොමද?
හොඳයි, හෙමින් සීරුවේ කරගෙන යනවා. කොහොමටත් මම මගේ පාඩුවේ සද්ද නැතිව වැඩ කරගෙන යන කෙනෙක්.

විවාහය ගැන අදහසක් නැද්ද?
ඔව්, ඊට කලින් විවාහය සඳහා තමන්ට ගැළපෙන විදියේ කෙනෙක් හොයාගන්න ඕන නේ. ඒක තමයි අමාරුම වැඩේ.

මේනකා කිව්වාම ප්‍රේක්‍ෂකයන්ට මතක් වෙන්නේ කාවද?
අනිවාර්යයෙන්ම නර්තන ශිල්පිනියක්.

ඒ නර්තන ශිල්පිනිය හෙට අනිද්දා ලොකු වැඩකට අත ගහන්න සූදානම් වෙනවා නේද?
ඔව්. ඇත්තටම ඒක රූපලාවණ්‍ය තරගයක්. ඇමෙරිකාවෙදී තරගය පැවැත්වෙනවා. මේ තරගයේ නම මිස් ලැටීනා ඉන්ටර්නැෂනල්.

මේ තරගයට සහභාගි වෙන්න මේනකාට තියෙන සුදුසුකම් මොනවද?
මේ තරගයට යන්න අපිට මෙහෙදි කරන්න දෙයක් නැහැ. දැන් මිස් වර්ල්ඩ්, මිසිස් වර්ල්ඩ් තරගවලදී ලංකාවෙන් තරගයක් තියෙනවා නේ. මෙහිදී එහෙම තරගයක් නැහැ. ලස්සන, දක්‍ෂතා සහ අධ්‍යාපන හැකියාව බලනවා".

දැන් ඒ සුදුසුකම් සපුරාගන්න මොනවද කරන්නේ?
හැමදේම. සිරුරේ හැඩය ප්‍රධානයි. ජිම් යනවා. වැඩිපුරම ඉන්නේ ජිම් එකේ. කෑම පාලනය කරනවා. කන්නෙම නැති තරම්, කෑම පාලනයට යාළුවා උදවු කරනවා සෑහෙන්න.

එතකොට ආසම කෑමක් දැක්කම නොකා ඉන්න පුළුවන්ද?
අන්න ඒක තමයි මට බැරිම වැඩේ. ආසම කෑමක් දැක්කම මට තරගය අමතක වෙනවා. කෑවට පස්සේ තමයි මතක් වෙන්නේ. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිත් ගී්‍රන් ටී බොනවා.

එහෙනම් ගමන් බිමන් එහෙමත් සීමා කරලා ඇති නේද?
මම එහෙම වැඩිය ඇවිදින්න කැමැති කෙනෙක් නෙවෙයි. මම කොහොමත් කැමැති ගෙදරට වෙලා ඉන්නයි. ඒ නිසා අමුතුවෙන් ගමන් බිමන් පාලනය කරලා නැහැ.

ෂූටින් ගියාම නිදහස් වෙලාවට මොනවද කරන්නේ?
මම නම් ෆේස් බුක් යනවා. ඉන්ස්ටර්ග්‍රෑම් යනවා. ෆොටෝස් දානවා. ඒ වගේ තියෙන දේවල් බලනවා. ඒවා තමයි කරන්නේ.

ඉදිරි සැලසුම් මොනවද?
මෙහෙමයි, ඕනම කෙනකුට වගේ මටත් ජීවිතයට සැලැසුම් තියෙනවා. නමුත් තවම අෑත දුර තියෙන සැලැසුම් ගැන මට දැන්ම කියන්න බැහැ. වෙලාව ආවාම කියන්නම්.

මේනකාගේ රංගන හැකියාව ප්‍රේක්‍ෂකයන්ට නැවත දැකගන්න අවස්ථාව ලැබෙයිද?
ඔව්. අනිවාර්යයෙන්ම. චිත්‍රපට හතරක් සහ ටෙලි නාට්‍ය හතක් එන්න තියෙනවා.

හංසි ආටිගල
mawbima

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews