9/11/16


ඒ කාලේ මුලින්ම ආදර හැඟීමක් ඇති වුණු දවස මතකද?

ඔව්. ඒවා ඉතිං ආදර හැඟීම් කියලම කියන්න බෑ. ආසාවල් එනවනේ. පොඩි ක්‍රෂ් එකක් තිබුණා. ඒක ඉතිං ආදරේම කියන්න බැහැ.


මුලින්ම ප්‍රේමාරාධනාවක් ලැබුණු දවස ගැන කියන්න පුළුවන්ද?
ගොඩක් අය ඇහුවා. ටියුෂන් පන්තිවලදී. මම හරි බයයි. දුවගෙන යනවා. මම ගෙදරින් දැඩි රැකවල් ඇතිව හැදුණු කෙනෙක්. තාත්තාට හරි බයයි. සැර නෑ. හැබැයි ඹ්ධමඥ ප්‍රශ්නවලට කේස්.

ප්‍රථම ප්‍රේමයක් තිබුණෙම නැද්ද?
තිබුණා. හැබැයි පාසල් කාලෙන් පස්සේ. ගොඩක් කල් තිබුණේ නෑ. මාසයක් දෙකක් වගේ තිබුණා. ඉවර වුණා.

එයාව හමුවෙන්න ප්ලෑන් කළේ කොහොමද?
හමුවීම් නැහැ. ර්ථීඩධදඥ එකෙන් විතරයි.

හමුවීමක් නැති ඹ්ධමඥ එකක් ගෙදරට අහුවුණේ කොහොමද?
ෆෝන් කෝල්එකකින්. මට හරියටම මතක නැහැ.

එතකොට ගෙදරට මූණ දෙන්න හිත හදාගත්තේ කොහොමද?
මම හොඳටම බය වුණා. තාත්තා අහපු ගමන්ම මම කිව්වා නවත්වන්නම් කියලා.

මුලින්ම අතින් ඇල්ලුවේ මේ කීවැනි පෙම්වතාද?
මුලින්ම අතින් ඇල්ලුවේ මගේ සැමියා. ඒක ගෙදරට කියලාම තමයි යාළු වුණේ. එයා කෙළින්ම ගෙදරින්ම ඇවිත් ඇහුවා.

ඒ දවස්වල එයාව හමුවෙන්න බාධා තිබුණේ නැද්ද?
තිබුණා. තිබුණා. හැමදාම නංගිව පස්සෙන් එව්වා. බඳිනකල්ම එයාව මුණගැහෙන්න ගියේ නංගි එක්ක.

ඒ කාලේ වගේ නෙවෙයි දැන් ඹ්ධමඥ සහ ඉඥය පැටලිලා. ඒ ගැන මොකද හිතන්නේ?
ඔව්. සමහර තැන්වලට ෂෝවලට ගියාම ක්ලාස් කට් කරලා එන කපල් ඕනෑ තරම් ඉන්නවා. එතන ආදරයක් නැහැ. ආදරය කරලා වසර ගණනකින් විවාහ වෙලා, ලිංගික ජීවිතය විඳීම පොදු දෙයක්. එතැන ආදරය තියෙනවා.
ෆැෂන්වලට ඒ දවස්වල තිබුණු කැමැත්ත මොනවගේද?
සැහැල්ලු ඕනෑම ඇඳුමකට කැමැතියි.

ඒ දවස්වල ෆර්ෆියුම් පාවිච්චි කළාද?
ඔව්. එහෙම එක වර්ගයක් නැහැ. විවිධ වර්ගවල පර්ෆියුම් පාවිච්චි කරන්න හුඟක් කැමැතියි.

වැඩිපුරම තෑගි ලැබුණේ කාගෙන්ද?
සැමියාගෙන්. මට හැමදේම ලැබුණා. එයාව ලැබීමත් ලොකු තෑග්ගක්.

එතකොට නදිනි තවම තරුණයිද?
ඔව්. මම හිතන්නේ තවම තරුණයි.

මුල් කාලේ හෙයාර් ස්ටයිල් එක මොනවගේද?
ඒ කාලේ නම් කොණ්ඩේ උඩට පීරුවා. ක්‍ෂේත්‍රයට එද්දීම පැත්තට පීරුවා. මට තිබුණේ කැරලි කොණ්ඩයක්. පස්සේ ස්ට්‍රේට් කළා.

එතකොට එදා තරුණ කාලෙට වඩා අද තාරුණ්‍ය වෙනස් කියලා හිතනවද?
මම හිතන්නේ ආකල්පවලින් වෙනස්. ඒ වගේම හිතන විදිය, පරිසරය, ජීවන රටාව, වෙනස්. සංකීර්ණයි. ඒ අයගේ සිතුම් පැතුම් පවා වෙනස් වෙලා.

හංසි ආටිගල
mawbima

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews