9/11/16


සංජු රංගනය අතහැරලා ලංකාවෙන් යන්න යනව කියලයි අපිට ආරංචි.

අනේ නෑ. බොරු ආරංචි ඕවා. මං තවමත් ලංකාවෙ ඉන්නවා. මේ රට දාලා මම කොහෙ යන්නද. හැම රංගන ශිල්පිනියක්ම රූපවාහිනි වැඩසටහන්වලට සහභාගිවෙනවනේ. ඒත් මං නිතර ඒවගෙත් පෙනී ඉන්නෙ නැති හින්දා ගොඩක් අය හිතන්නෙ මම ලංකාවෙ නෑ කියලා.


ඉතින් එහෙම ආරාධනා කළාම සංජු ගණන් ගත්තෙ නැතිව ඇති.
මට ආරාධනාවක් ආවොත් අනිවර්යෙන්ම මම ඒවට සහභාගි වෙනවා.

ඉස්සර දැක්ක රංගනයත් දැන් පේන්නත් නෑනේ.
ඒකටත් ලොකු හේතු ගොඩක් නෑ. පොඩි පොඩි නිර්මාණවලට අපිට කතාකරන්නෙ තුට්ටු දෙකට. ඒක හරි අසාධාරණයි. ඉතින් බහුතරයක් එහෙම වැඩයි එන්නෙ.

නාට්‍යය ඉක්මනට අවසන් වුණත් ළබැඳියේ මද්දුගෙ චරිත ගැන නම් ප්‍රේක්ෂක මතකයෙන් ගිහින් නෑ නේද?
ඔව්. ළබැඳියේ මද්දුගේ චරිතෙ තවම ප්‍රේක්ෂකයන්ට මතකයි. චරිතයක් විදියට මට රඟපාන්න ලොකු දෙයක් එතැන තිබුණෙ නෑ. එතන තිබුණෙ මගේ ඇත්ත ස්වරූපය කියලා ගොඩක් අය කියනවා. ළැබැඳියේ නාට්‍යයය කොටස් එකසිය විසිපහෙන් ඉවර වුණාට පස්සේ ඒ ප්‍රතිචාර ලැබෙන්නෙත් ඒ හින්දමයි.

ඒ කියන්නේ වැඩිපුර තමන්ගෙ වරිතෙට සමාන චරිත සංජු භාරගන්නෙ අනෙක් චරිත අමාරු හින්ද වෙන්නැති.
නෑ. නෑ. මම චරිතයක් භාරගන්නෙ පාරේ බැහැල යන්න පුළුවන් නම් විතරයි. නැත්නම් ගෙදරට වෙලා නිකන් ඉන්නවා. හැබැයි මට චරිතවලට කතා කරන අය නම් හිතන්නේ ඒ වැඩේ නැතිවුණොත් අපේ රංගනය ඉවරයි කියලයි.

නිහඬතාවටත් හේතුව නොගැළපෙන චරිත එහෙනං.
වෙන්න පුළුවන්. අනෙක මම ආසයි නිදහසේ ජීවත් වෙන්න. ඒ වුණත් හොඳ වැඩක් නම් මිස් කරගන්නෙත් නෑ. ඒ විදියට භාරගත්ත චරිතයක් මම සේයා ටෙලිනාට්‍යයේ රඟපානවා.

සංජු කරන රූපවාහිනි වැඩසටහන් අපිට දැන් දකින්න නෑනෙ.
කාලයක් මම උදේ වැඩසටහන් කළා. ඒත් ඒ හැමදාම මොකක් හරි වෙලද තේමා කරල එපා වුණා. එහෙම මිනිස්සු රවට්ටනවට වඩා මෙහෙම ඉන්න එක හොඳයි. හැබැයි එහෙම කියලා මට නිවේදනය කවදාවත් එපා වෙලා නං නෑ. මං මුලින්ම ආවෙත් මැක්ස් නාළිකාවෙ නිවේදනයට. ඊට පස්සෙ නාළිකා කිහිපයකම වැඩ.

ඔය අතරතුර කාලෙ පටන් ගත්ත ව්‍යාපාරෙට මොකද වුණේ.
බොරු කාරයො ටිකක් එකතු වෙලා මාව හොඳටම රැවැට්ටුවා. ඒක නිසා දැන් මම බිස්නස් එක නැවැත්තුවා.

නපුරු චරිත කරපු සංජු එකපාරම චිත්‍රපටවල කොමඩියක් වුණා නෙ.
මාව කොමඩියක් කළේ එරංග සේනාරත්න මහත්තයා. නෝනෙ මගෙ සුදු නොනේ හින්දා සැරට හිටියා සංජුගේ සැර බාල වුණා කියල සමහර අය කතා කියනවා. එරංග මහත්මයගෙ තවත් චිත්‍රපටයක රඟපාන්න ඉන්නෙ.

එරංගගේම චිත්‍රපටවලටම සීමා වෙන්න හේතුවකුත් ඇතිනේද?
අපෝ නෑ. පිටපත හොඳ නම් මම දෙපාරක් හිතන්නෙ නැතිව පුළුවන් චරිතයක් නම් මම භාර ගන්නවා.

ළඟදි පිළිවෙළක් වෙන්න අදහසක් නැද්ද?
ඒ ගැන හිතන්න තාම කල් වැඩියි. අනෙක පිළිවෙළට තියෙන ජීවිතය කවුරු හරි හින්දා අපිළිවෙළ කරගන්නෙ මොකටද.

නදීෂ නිර්මාණ හේරත්
 mawbima

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews