9/4/16



අද වන විට අපේ රටේ විශාල ලෙස සමාජයට බලපා ඇති ගැටලුවක් නම් පාසල් යන්නෙ නැති දරුවන් විශාල පිරිසක් සිටීමයි. රජය විසින් මේ පිළිබද කිසිම අවධානයක් දක්වන්නෙ නැහැ. බස්නාහිර,සබරගමු පළාත් වල මෙම ගැටලුව මුහුණ පා සිටී. ඔබ කොතෙකුත් දැක ඇති ආහාර වර්ග,පත්තර වෙගෙ දේවල් විකුණන වීදියෙ දරුවන්.ඔබත් අඩුවට භාණ්ඩ එහෙම අරගෙනතත් ඇති.

පාසල් නොයන දරුවන්  ගෙන් දමිළ දරුවන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා සිටිනව.සමහර පවුල් වල එක ළමයයි පාසල් යන්නෙ මාසයකට දවස් 10 පමණයි.

මෙය ගාල්ල,මාතර,රත්නපුර,කෑගල්ල දිස්ත්‍රික්කයන් වල දැවෙන ප්‍රශ්ණයකි. රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තය ආශ්‍රිත වතු වල කුලියට වැඩ කරන මිනිසුන්ගෙ පවුල්වල මෙම ගැටලුව පවතී.  සමහර සල්ලි තියෙන පවුල්වල පුද්ගලයින්  තම වත්තේ දමිළ පවුල් පදිංචි කරගෙන ඔවුන්ගේ වැඩපල කරගන්නව.එම දරුවන් පාසල් යවන්නෙත් නැහැ.

  මෙහි ඇති පුදුම සහගත තත්වය නම් සෑම ගමකම ලමා හා කාන්තා නිලධාරින් හා නිලධාරිණියන් සිටිනව ඔවුන්ගෙන් සමහර අයගෙන් සැලකිය යුතු කාර්යයක් ඉටු වෙන්නෙ නැහැ.වැටුප ලබා ගන්නව විතරයි.මොවුන්ටත් රජය මැදිහත් වෙලා හරියට තමන්ගේ රාජකාරිය නොකරන
හේතුවෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න කියල රජයෙන් ඉල්ලීමක් කරනව.මොවුන් හරියට තමන්ගේ රැකියාව කරනවනම් මෙවැනි අර්බුද ඇති වන්නේ නැහැ.

වැඩිපුර සිටින්නේ අවුරුදු 14,15,16 වයස්වල ළමයින්ය.

ඒ වගේම මොවුන් තම ගමේ තිබෙන ළමානිවාස වලට ඇතුලත් කරගත්තත් සතියක් පමණයි එහි රැදී සිටින්නෙ. මීටත් විසදුමක් දෙන්න.

මොවුන් අන්තවාදයට හා සමාජයේ පවතින නොහොඹිනා කටයුතු වලට නැඹුරු වෙනව. හැකි ඉක්මනින් මෙයට විසදුමක් ලබා දෙන්න.



පාසල් නොයන දරුවන් වෙනුවෙන් මෙම ලිපිය Share කරන්න.සමාජය දැනුවත් කරන්න ඔබත් දායක වෙන්න. මහා පුණ්‍ය කර්මයකි.







NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews