9/3/16


මේ වසරේ වඩාත් කතාබහට ලක්වූ බොලිවුඩ් චිත්‍රපටයක් වන 'නිර්ජා' හි ප්‍රධාන භූමිකාව රඟදැක්වූ සෝනම් කපූර් මේ වනවිට පෙම්වතියක් බවට පත්ව සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඇයගේ පෙම්වතා බවට පත්ව ඇත්තේ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන ආනන්ද අහුජාය.


මෝස්තර නිර්මාණ ශිල්පියෙකු මෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙකුද වන ආනන්ද අහුජා මුම්බායි නගරයේ ඇඳුම් වෙළෙඳසැල් කිහිපයකම හිමිකරුවෙකුද වනවා.
සෝනම් හා අහුජාගේ ප්‍රේම සම්බන්ධයට මීට දින කිහිපයකට පෙර නිශ්චිතව වාර්තා වුවද ඔවුන් දෙදෙනාගේ ආදර කතාව වසර දෙකකට වඩා වැඩි බව බොලිවුඩ් වෙබ් අඩවි මේ වනවිට වාර්තා කරනවා. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමද ඉතා කෙටි කාලයකින් සිදුවීමට නියමිත බවද මෙම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews