9/12/16


සෝනම් කපූර් ට, ආක්ෂේ කුමාර් සහ ඔහුගේ බිරිය ට්වින්කල්ගෙන් සාදයකට ඇරයුමක් ලැබුණා. ආක්ෂේ රඟපෑ ‘රස්ටම්’ චිත්‍රපටය සාර්ථකව තිරගත වීම නිමිත්තෙන් පැවැති එම රාත්‍රී සාදයට සෝනම් එක් වුණේ තනිව ම නොවෙයි. දිල්ලි නුවර ව්‍යාපාරිකයකු වන ආනන්ද් අහුජා සමඟයි. ඇඳුම් මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයකු වන ඔහු සමඟ සෝනම්, සාදයකට සහභාගි වුණේ ඇයි දැයි දැන් බොලිවුඩ්පරයේ කසු කුසුවක් ඇතිවෙලා.


සෝනම් නිතර ම උත්සාහ ගත්තේ ඇගේ ආදර සබඳතා ලෝකයෙන් වසන් කර තැබීමටයි. මාධ්‍යවේදීන් ඇගෙන් මේ ගැන නොයෙකුත් ප්‍රශ්න ඇසුවත් ඒවාට උත්තර ලැබුණේ නැහැ.
“කෙනකුගේ ආදර සම්බන්ධකම්වලට වඩා තව කොච්චර දේවල් තියෙනවද? මගෙන් ඔය කාරණා ගැන ඇහුවට මම ඒවාට උත්තර දෙන්නෙ නැහැ. මගේ ජීවිතය තුළ ප්‍රේමවන්තයන්ට වඩා වෙනත් දේවල් ගොඩක් තියෙනවා. මම තව ම මගේ දෙමවුපියන්ටවත් මගේ පෙම් සබඳකම් ගැන කියලා නැහැ. ඒ නිසා මගේ පෙම්වතා කවුද? එයා මොනවගේ කෙනෙක් ද කියන පෞද්ගලික කාරණා මම ප්‍රසිද්ධියේ කියන්නෙ නැහැ.” සෝනම් එලසෙ කියා සිටියත් ඇය සහ ආනන්ද් අහුජා පටලවා මේ වන විට කට කතා රැසක් පැතිරී ගිහින්.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews