9/12/16


නව පරපුරේ නිළියන් වැඩි දෙනෙකුට තියන ලෙඩක් තමයි මේ අමතක වීම. තැනකට ගියාම මුල මතක නැහැ. තමන්ව මුලින්ම නාට්‍යවලට ගත්තු අයව පවා ඇතැම් නිළියන්ට මතක නැහැ. ඒ අය අතරේ තිළිණි පෙරේරා නම් නව පරපුරේ නිළිය වෙනමම තැනක ඉන්නවා. ඇය තමයි මේ දිනවල විකාශය වන සල් සපුනා ටෙලි සිතුවමේ අමායාගෙ යෙහෙළිය හැටියට රඟපාන්නෙ.


ඉතින් මේ තිළිණිට සැලකිය යුතු මට්ටමේ ප්‍රධාන චරිතයක් ලැබිලා. ඒ චන්දිරා ටෙලි සිතුවමේ. එහි චන්දිරා තමයි තිළිණි. චන්දිරා කියන්නෙ කලකට ඉහතදී තිරගත වූ චිත්‍රපටයක්. එය වගේම එම කතාවම ඇති ටෙලි සිතුවම අධ්‍යක්ෂණය කරන්නෙ ඩැනී ඩබ්ලිව්. පතිරණ. තිළිණිව චන්දිරාට තෝරගත්තු වෙලාවෙම අනෙක් අතට ඇය කතා කළේ චන්දිරා චරිතයට තිළිණිව යෝජනා කරපු කෙනාට. ඔහුට ඇය නොසෑහෙන්න ස්තූති කළාලු. රිදී තිරයේ චන්දිරා වුණේ සබීතා පෙරේරා. පුංචි තිරයේ චන්දිරා තිළිණි.

silumina

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews