9/11/16


අවුරුද්දකට විතර පස්සේ චිලී වැඩ පටන් අරන් වගේ?

'සිත නතරවෙලා' මියුසික් වීඩියෝ එක කරපු විකුම්ගේ අදහසක් අනුව හැදුණෙ. එයා මට මෙලඩි එක එවල තිබුණා. අයියේ ඔයාට හරියන සින්දුවක් තියෙනවා කැමැති නම් කරමු කියලා. ලස්සන වචන ටිකකුත් තිබුණා. මං සින්දුව හොඳට හැදුණ කියලා හිතන්නෙ මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලැබෙන හින්දමයි.


හැමෝම විරහ ගීත කියන කාලෙක මේ විදියට ආදරය ගැන කියැවෙන ගීතයක් කළාම මාකට් කරන්න පුළුවන් ද කියලා දෙගඩියාවක්් දැනුණේ නැද්ද?
මම කොහොමත් රැල්ලට අනුගත වෙලා සින්දු කරන්නේ නැහැ. මට ආස හිතෙන සින්දු තමයි මං කරන්නේ. අනෙක ලස්සන නිර්මාණයක් කළොත් ප්‍රේක්ෂකයෝ අතරට යනවා කියලා මං දන්නවා. මං කරපු ළා රෝස, මගේ හිත දුරස්වෙලා, ඒ කාලේ ට්‍රෙන්ඩ් එකත් එක්ක හිට් වුණා.

චිලී සින්දු කියනවට වැඩිය බිස්නස් පස්සෙනෙ දුවන්නෙ?
මං කොහොමත් මගේ ව්‍යාපාරවලට වැඩි අවධානයක් දෙනවා. ඒ වගේම සංගීතය සහ පෞද්ගලික ජීවිතය පටලවගන්න කෙනෙක් නෙවෙයි.

ගීතයක් මාකට් කරන්න නම් සල්ලි තියෙන්නත් ඕනෑ නේද?
මං හිතන්නේ සල්ලි තිබ්බ පළියට හැමෝගෙම ගීත චැනල්වල විකාශය කරන්නෙත් නැහැ. ඒවා යම්කිසි තත්ත්වෙක තිබුණොත් සහ එයාලා ගීත විකාශය කරන්න කැමැති වුණොත් විතරයි විකාශය කරන්නේ. මගෙන් නම් අද වෙනකම් කිසිම මාධ්‍ය ආයතනයක් ගීත වෙනුවෙන් සල්ලි නම් ඉල්ලලා නැහැ.

චිලී කාගෙහරි බලපෑමකට කතා කරනව වගේ?
අනේ නෑ.

චිලී කාලෙකට හැංගිලා කාලෙකට විතරක් පේන්න ඉන්නෙ ඇයි?
මෙහෙයි. හැම තිස්සෙම පේන්න ඉන්නකොට වටිනාකමකුත් නැහැනේ. මං සැලැසුම් ඇතිව තමයි කාලයත් එක්ක ගීත කරන්නේ. හැම තිස්සෙම පෙනී හිටලා ගීත කරන්න මං කැමැති නැහැ. අනෙක මගේ පෞද්ගලික ජීවිතයත් එක්කත් මං කාර්යබහුලයි. හැබැයි ඉදිරි මාස හය පුරාවට මං පේන්න ඉඳීවි. අලුතින් එන රියැලිටි ෂෝ එකක මං ඉන්නවා. මං දැන් අවුරුදු 9ක්ම ගීත ගායනා කළා. මෙතැනින් එහාට අලුත් දෙයක් කරන්න ඕනෑ. ජනප්‍රියත්වය පස්සේ විතරක් ගියොත් අපිට ලැබෙන දෙයක් නැහැ.

මුලින් රඟපාපු 'පරපුර' චිත්‍රපටයට පස්සෙ රංගනය දැන් එපා වෙලාද?
මෙහෙමයි, මං රංගනය පැත්තට ආස කෙනෙක්. නමුත් මං ආස විදියට ආව නිර්මාණවලට මට ලොකුවට දායක වෙන්න ලැබිලා නැහැ. හැබැයි දැන් නම් ලොකු කැමැත්තකුත් නැහැ. මේ ක්‍ෂේත්‍රය යන විදියට මට පොඩි කලකිරීමකුත් තියෙනවා. මගේම නිර්මාණයකින් එළියට ඇවිත් රංගන හැකියාවන් පෙන්වන්න තමයි මගේ බලාපොරොත්තුව. වෙන කෙනෙක් විදියට මගේ අකැමැත්තෙන් ඒ දේ කරන්න ගියා නම් ඒ නිර්මාණය සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේ තමයි රංගනයත්, මගේම නිර්මාණයකින් එළියට එන්න තමයි හිතන් ඉන්නේ.

විනූ චිලීගේ ව්‍යාපාරවල සහායිකාවක්ද?
අනේ නැහැ. විනූ කියන්නේ මගේ හොඳම මිතුරියක්. මගේ ව්‍යාපාරය පටන් ගන්න වෙලාවෙත් මං ඇයට ආරාධනා කළා ෆොටෝ ෂූට් එකට ඉන්න කියලා. ඇය හරිම ආසාවෙන් සහ කැමැත්තකින් ඒ දේ භාර ගත්තා. මුදල් ඉස්සරකර ගන්නෙ නැතිව යාළුකම ඉස්සරකරගෙන එයා මට හැමදේටම සහයෝගය දෙනවා. මමත් එයාගෙ වැඩවලදී උදවු කරනවා.

හැබැයි අපිට නම් ආරංචි ඒ යාළුකම දැන් නැහැ කියලා?
අනේ නැහැ. යාළුකම තවම තියෙනවා. ඒ යාළුකම නැති වෙන්නේ නැහැ. ඇය තවම මගේ හොඳ යාළුවෙක්.

හැබැ විනූ නම් චිලී එක්ක ෆොටෝ ෂූට් එකට පෙනී සිටින්න කැමැති වුණේ නැහැ. ඇයි ඒ?
එහෙම වෙන්න ඇති. ඒක එයාගෙ පෞද්ගලිකත්වයනේ. ගොඩක් වෙලාවට ගොඩක් අය එයාවයි මාවයි එකට සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. වැඩසටහන්වලට වුණත් එයාවයි මාවයි ගෙන්වන්න තමයි හදන්නේ ගොඩක් අය. සමහර වෙලාවට එයාට පුළුවන් වෙලාවට මට බැරි වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒවා එක්ක එයාගෙ පෞද්ගලිකත්වයට වෙන කටකතා හැදෙන්න පුළුවන්. අපේ පෞද්ගලික යාළුකම තිබුණාට ක්‍ෂේත්‍රය ඇතුළෙදි දෙන්නා එකටම පේන්න ඉන්න ඕනෑ කියලා දෙයක් නැහැ.

චිලීගේ පෙම්වතිය මේ කටකතා ගැන මොකුත් කියන්නේ නැද්ද?
අනේ නැහැ. මගේ පෙම්වතියත් විනූගේ හොඳ මිතුරියක්.

අරුණි කළුපහන
ප්අඉසප්

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews