Showing posts with label Bollywood. Show all posts
Showing posts with label Bollywood. Show all posts

9/12/16


සෝනම් කපූර් ට, ආක්ෂේ කුමාර් සහ ඔහුගේ බිරිය ට්වින්කල්ගෙන් සාදයකට ඇරයුමක් ලැබුණා. ආක්ෂේ රඟපෑ ‘රස්ටම්’ චිත්‍රපටය සාර්ථකව තිරගත වීම නිමිත්තෙන් පැවැති එම රාත්‍රී සාදයට සෝනම් එක් වුණේ තනිව ම නොවෙයි. දිල්ලි නුවර ව්‍යාපාරිකයකු වන ආනන්ද් අහුජා සමඟයි. ඇඳුම් මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයකු වන ඔහු සමඟ සෝනම්, සාදයකට සහභාගි වුණේ ඇයි දැයි දැන් බොලිවුඩ්පරයේ කසු කුසුවක් ඇතිවෙලා.

9/8/16


ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සනී ලියොන්ට එළැඹෙන 08 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන "නිව්යෝර්ක්" විලාසිතා දැක්මට ආරාධනා කර ඇතැයි "ද ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය සඳහන් කරයි. 32 වැනි වියෙහි පසුවන සනී මෙම ආරාධනාව ලැබීමත් සමග සිය %ටිවිටර්^ ගිණුමට අදහස් එක් කරමින් සඳහන් කර ඇත්තේ එය තමාගේ සිහිනයක් සඵල වීමක් බවයි.



බොලිවුඩයේ කිරුළ නොපළන් කුමරු ලෙස හඳුන්වන සල්මාන් ඛාන් හා ඔහුගේ පෙම්වතිය වන රුමේනියා මෝස්තර නිරූපිකා ලුලියා වැන්තර් අතර විවාහය මේ වන විට ස්ථිර වී ඇත. සල්මාන්ගේ පවුලේ සාමාජිකයන් පවසන අන්දමට සල්මාන් හා ලුලියා අතර විවාහය එළැඹෙන නොවැම්බර් 18වැනිදා සිදුවීමට නියමිතය.

9/5/16


මීට වසර 14කට පෙර ‘ආන්ඛේන්’ නමින් චිත්‍රපටයක් තිරගත වුණා. එහි ප්‍රධාන චරිත රඟපෑවේ අර්ජුන් පරේශ් රාවල්, ආක්ෂේ කුමාර්, අමිතාබ් භච්චන් සහ සුශ්මිතා සෙන්. මෙහි දෙවැනි කොටස ලෙසින් ‘ආන්ඛේන් - 2’ යනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙහි රූගත කිරීම් ලබන මාසයේ ආරම්භ කිරීමටත් ලබන වසරේ ඔක්තෝබර් මාසයේ දීපාවලී උත්සව සමයේදී තිරගත කිරීමටත් තීරණය වෙලා.

9/3/16


අවසන් වරට දායක වූ බොලිවුඩ් චිත්‍රපට ද්විත්වයම අසාර්ථක වු නිසා කත්‍රිනා සැප්තැම්බර් 09 වැනිදා තිරගත වීමට නියමිත සිය අලුත්ම චිත්‍රපටය වු 'බාර් බාර් දේකෝ' චිත්‍රපටය කෙරෙහි මහත් සේ බලාපොරොත්තු තබා ඇති බව 'මසාලා' වෙබ් අඩවිය සඳහන් කර සිටියි.


මේ වසරේ වඩාත් කතාබහට ලක්වූ බොලිවුඩ් චිත්‍රපටයක් වන 'නිර්ජා' හි ප්‍රධාන භූමිකාව රඟදැක්වූ සෝනම් කපූර් මේ වනවිට පෙම්වතියක් බවට පත්ව සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඇයගේ පෙම්වතා බවට පත්ව ඇත්තේ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන ආනන්ද අහුජාය.

8/30/16


ලොව ධනවත්ම නිළියන් අතර පළමු දස දෙනා තුළට ඇතුළත් වීමට බොලිවුඩ් සුපිරි නිළි දීපිකා පදුකෝන්ට අවස්ථාව ලැබී ඇති බව "කෝයි මෝයි" වෙබ් අඩවිය සඳහන් කරනවා. ගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ ගෙවී යන අගෝස්තු මාසය තෙක් දීපිකාගේ ආදායම් උපයා ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් බව සඳහන්.

8/28/16


නාර්ගීස් ෆාක්රි බොලිවුඩ්පුරයේ තරුවක් වුවත් ඇය පදිංචිව සිටින්නේ ඇමෙරිකාවෙයි. පසුගිය දා මුම්බායිහිදී ඇය, තමන් සතු ඒ. ටී. එම්. කාඩ්පතින් මුදල් ලබා ගනිද්දී දක්නට ලැබුණේ ඇය අපේක්ෂා නොකළ දෙයක්. ඇගේ බැංකු ගිණුමෙන් රු. ලක්ෂ 6ක මුදලක් අතුරුදන් වෙලා.


හොලිවුඩ් සිනමාවට එක්වූ බොලිවුඩ් නිළි පරපුර අතරින් කැපී පෙනෙන රුවැත්තිය තමයි මල්ලිකා ෂෙරවට්. ඇය මෑතකදී රඟපෑ නවතම හොලිවුඩ් චිත්‍රපටය ‘ටයිම් රේඩර්ස්’. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ හොංකොංහි වෙසෙන සිනමාකරුවකු වන ඩැනියෙල් ලී. පසුගිය දා පැවැත්වුණු 69 වැනි කාන්ස් සිනමා උලෙළේ ද මේ චිත්‍රපටය තිරගත කෙරුණා.

8/22/16


බොලිවුඩ්පුරයේ ගිනි සිළුව ලෙස ලෙළ දෙන ජනප්‍රිය නිළි මල්ලිකා ෂෙරවට් පසුගිය සතියේ ඉහළ පෙළේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වුණා. මේ සංග්‍රහය පැවැත්වූයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්. ළඟදීම මහලේකම් ධුරයෙන් සමුගැනීමට නියමිතව සිටින හෙතෙම, මේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වූයේ ලොව සුප්‍රකට කලාකරුවන් සහ කලාකාරියන් වෙනුවෙන්.


පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩා තරග නැරැඹීමට පැමිණි නිසා ජනප්‍රිය බොලිවුඩ් නිළියකට දෝෂාරෝපණය එල්ල වුණා. ඇය ක්‍රීඩා මණ්ඩපයේ සිටිද්දී, ක්‍රීඩා පිටියේ පිතිහරඹ කළ ක්‍රීඩකයෙකු දුර්වල ලෙස ක්‍රීඩා කළ බවටත් චෝදනා නැඟුණා. ඒ ක්‍රීඩකයා තමයි, විරාට් කෝලි. ඔහු ක්‍රිකට් පිටිය තුළ අසාර්ථකත්වයට පත් කළේ ජනප්‍රිය නිළි අනුශ්කා ශර්මා. විරාට් සහ අනුශ්කා පෙම්වතුන් බව කවුරුන් ද නොදන්නේ? මීට මාස කිහිපයකට කලින් පැතිරී ගිය ආරංචියකින් පැවසුණේ විරාට් සහ අනුශ්කා වෙන්වී ඇති බවයි. ඉන් පසුව ටික කාලයකින්ම දෙදෙනා යළි සමීප වූ බවක් ද පැවසුණා.


ආසියාවේ මයිකල් ජැක්සන් කියලයි, මේ රංගන ශිල්පියාව එක්තරා කාලයකදී සිනමා විචාරකයන් හැඳින්වූයේ. ගී රිද්මයන්ට අනුව අපට සිතාගත නොහැකි ලෙස තම සිරුර ලෙළදෙවමින් නර්තනයෙහි යෙදුණු ඔහු, මයිකල් ජැක්සන්ගේ නර්තන විලාසයන් අබිබවමින් රඟපෑවා. ඔහු තමයි, ප්‍රභූ දේවා. දකුණු ඉන්දීය සිනමාවෙන් රංගන ක්ෂේත්‍රයට පා තබා ඉන් පසුව බොලිවුඩ් සිනමාවට එක්වූ ප්‍රභූ දේවා දැන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්; නිෂ්පාදකවරයෙක්. පසුගිය වසර කිහිපය තිස්සේම ඔහු රැඳී සිටියේ බොලිවුඩ් සිනමාවෙයි.

8/17/16


ක්‍රිතී ශැනොන් යනු මේ දිනවල බොලිවුඩයේ ජනප්‍රිය තරුවකි. පසුගිය සමයේ තිරගත වූ "දිල්වාලේ" චිත්‍රපටය හේතුවෙන් ඇය බෙහෙවින් ප්‍රසිද්ධියට පත්විය.


සැප්තැම්බර් 02 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත "අකීරා" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සුරූපී සොනක්ෂි සින්හා පසුගියදා එක්වූ මාධ්‍යය සාකච්ඡාවකදී කේන්තියෙන් පසුවු බව වාර්තා වෙනවා. ඒ මාධ්‍යය ඇය හා කෝටිපති ව්‍යාපාරික පුත් බන්ටි සච්දේවා සමගින් විවාහ ගිවිස ගන්නා බවට තොරතුරු පළ කිරීම හේතුවෙන් ඇය මෙසේ කේන්තියෙන් පසුවු බව සඳහන්.

8/16/16


ධූම් - 2’ චිත්‍රපටය ඔබ නැරැඹුවා ද? මීට වසර කිහිපයකට පෙර තිරගත වූ මේ චිත්‍රපටය නැරඹුවානම් එහි ප්‍රධාන චරිත රඟපෑ රිතික් රෝෂන් සහ අයිශ්වර්යා රායිගේ ආන්දෝලනාත්මක රංගනය ඔබට මතක ඇති. එය සිප ගැනීමේ දර්ශනයක්. බොලිවුඩය සසල කළ මේ රංගනයට එරෙහිව ඇතැමුන් නඩු මගටත් පිවිසුණා. ඒ වන විට අයිශ්වර්යා, අභිෂේක් භච්චන් සමඟ විවාහ වන්නට සූදානම්වයි සිටියේ. නමුත්, එම සිද්ධිය දුරදිග ගියේ නැහැ.


ඉන්දියාවේ පැරැණි ක්‍රීඩාවක් වන කබඩි ක්‍රීඩාව වෙනුවෙන් පැවැත්වුණු එක්තරා උත්සවයකදී ජනප්‍රිය නිළි සනි ලියොන් කට වරද්දාගෙන තිබෙනවා. වෙන මොනවත් කියන්නට ගිහින් නොවෙයි. ඉන්දීය ජාතික ගීය වැරැදි ලෙස උච්චාරණය කිරීමෙන්. මේ ක්‍රීඩා උත්සවය රූපවාහිනී චැනලයකින් සජීවීව විකාශය කෙරුණා.

දින කිහිපයක් තිස්සේ පැවැත්වූ කබඩි තරගාවලියේ එක් දිනයක ආරම්භක අවස්ථාවට එක්වන්නට ඇරයුම් ලැබුවේ සනි ලියොන්. උලෙළ ආරම්භ කරමින් සුපුරුදු පරිදි මුලින්ම ජාතික ගීය ගායනා කෙරුණා. එහිදී ඇය ජාතික ගීයේ වචන උච්චාරණය කළේ නිවැරැදිව නොවන බව උලෙළ රූපවාහිනියෙන් නැරැඹු බොහෝ දෙනෙකු දුටුවා. එය දඬුවම් ලැබිය හැකි වරදක්.

8/14/16



 දැන් ඉතිං ඉෂිතා ගැන තවදුරටත් ලියලා වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් අපේ රටේ වැඩිමනක් උදවියට දැන් ඉෂිතගෙන් වැඩක් නැහැ. අර කතාවක් තියෙනවනෙ ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා කියලා. අන්න ඒ දේ දැන් ඉෂිතාට සිද්ධ වෙලා ඉවරයි. කොහෙදෝ ඉඳලා ආපු ශිවන්යෙක් නිසා දැන් ඉෂිතා කැලේ. ඉෂිතාට දැන් සිද්ධ වෙලා තියෙන්නෙත් කාලයකට කලින් සෝප් ඔපෙරා ප්‍රේක්‍ෂකයන්ගෙ සිත්වල රැව් පිළිරැව් නඟමින් හිටපු, දැන් පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගන්නෙ නැති ශාන්තිට, ප්‍රවීනාට, තුල්සිට, චංගුමීට ආදී මෙකී නොකී අයට සිද්ධ වෙච්ච දේමයි. ඒත් ඉෂිතා මම නම් කියන්නෙ ඕවට ඔයා සැලෙන්නෙපා කියලයි.

8/11/16


“මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා ය කියල මෙච්චර දඟලන්නෙ මොකද? මම ගැබිනියක්. මළ මිනියක් නෙමෙයිනෙ? ඉතින් ඇයි මේ මිනිස්සු මං ගැන කතා කරන්නෙ? මේක අසාමාන්‍ය දෙයක් ද? කාන්තාවකට දරුවෙක් ලැබෙන එක මේ මහ පොළොවෙ සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්.”

8/10/16


"ඩිෂුම්" බොලිවුඩ් චිත්‍රපටය හරහා මේ දිනවල ඔබ දකින ශ්‍රී ලංකා රූපරාජිනි ජැක්ලින් ෆර්නැන්ඩේස් "කොයි මෝයි" වෙබ් අඩවිය සමගින් එක්වූ සම්මුඛ සාකාච්ඡාවකදී පවසා තිබුණේ තමා බොලිවුඩයේ "කිං ඛාන්" වන ෂාරුක් ඛාන් සමගත්, "කිරූළු නොපළන් රජුන්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අමීර් ඛාන් සමගින් චිත්‍රපටය රඟපෑමට දැඩි කැමැත්තෙන් පසුවන බවයි.

8/9/16


"රෙඩ්ෆ්" වෙබ් අඩවිය විසින් සංවිධානය කළ සරාගිතම අයිටම් බොලිවුඩ් නිළිය තේරීමේ තරගයේදී මේ වන විට ඉදිරියට පැමිණීමට සනී ලියොන් හා ශ්‍රී ලංකා රූපරාජිනී ජැකලින් ෆර්නැන්ඩස් සමත්ව ඇත. ප්‍රකාෂිත අන්තර්ජාල පාඨක ඡන්ද අතරින් සියයට 20ක ප්‍රමාණයක් හිමිව ඇත්තේ සනී ලියොන්ට වන අතර, සියයට 19ක ප්‍රමාණයක් ජැකලින්ට ලැබී ඇත.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews