Showing posts with label Bollywood. Show all posts
Showing posts with label Bollywood. Show all posts

8/8/16


ශ්‍රී දේවි, මධුරි ඩික්සිත්, ජැකී ශ්රොෆ්, සුනිල් ෂෙට්ටි, කරිෂ්මා කපූර්, නීල් නිතින් මුකේෂ් යන බොලිවුඩ් සුපිරි තරු පිරිවරා හිරු ගෝල්ඩන් සම්මාන උලෙළ මෙවරද අති උත්කර්ෂවත් අයුරින් ලබන සැප්තැම්බර් මස 11 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

8/6/16


නර්ගීස් ෆක්රි බොලිවුඩයට පැමිණියේ ප්‍රේමණීය කතාවක් රැගත් Rockstar චිත්‍රපටය සමඟින්. ඉන් පසුව Madras Cafe, Azar වගේ චිත්‍රපටවලත් Main Tera Hero, Spy, Housefull 3  වැනි චිත්‍රපටවලින් ඉහළ ප්‍රසිද්ධියක් ලැබුවා.

7/31/16


ජැකලින් ෆර්නැන්ඩස් දැන් කාර්ය බහුල නිළියක්. දිගින් දිගටම චිත්‍රපටවල රඟපෑමට යොමුවීම නිසා ඇයට විවේකයක් නැති තරම්. පසුගිය මාස කිහිපයේ ඇය රැඳී සිටියේ මුම්බායි නුවර. එහි චර්ච්ගේට් ප්‍රදේශයේ පිහිටි සුපිරි නවාතැන් පළක ලැගුම්ගෙන සිටි ජැකලින්ට අවශ්‍ය වුණා, ඒකාකාරී ජිවිතයෙන් මඳකට බැහැර වී අවට සිරි නරඹන්න.

සුපිරි නළු සල්මන් ඛාන්ගේ පෙම්වතිය ලුලියා වැන්ටුර් බව රහසක් නොවෙයි. දැන් බොහෝ දෙනකු බලා සිටින්නේ සල්මන් සහ ලූලියාගේ විවාහ මංගල උත්සවය කවදා පැවැත්වේවි ද කියලයි.

7/20/16


බොලිවුඩයේ සුපිරි නිළියන් අතර ඉදිරියෙන්ම සිටින්නියක වන කත්‍රිනා කයිෆ්ගේ 33 වැනි උපන්දිනය ජූලි 16 වැනිදාට යෙදී තිබුණා. කත්‍රිනා සිය උපන්දිනය එංගලන්තයේ, ලන්ඩන් නගරයේ සිය පවුලේ සාමාජිකයන් සමග සමරන්නට කලින් සැලසුම් කර තිබුණද පසුව ඇය සිය සමීපතම බොලිවුඩ් තරු වෙනුවෙන් එදින සිය මුම්බායි නිවසේදී උත්සවයක් සංවිධානය කර තිබුණා.

7/14/16


ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් සහ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන "ස්පයිස් ගර්ල්" සංගීත කණ්ඩායමේ නව ගීතයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය.

එහි තේමාව වන්නේ "කාන්තා සමානතාව" පිළිබඳ බව සඳහන් වෙයි.


සනී ලියෝන් පිළිබඳව බොහෝ දෙනා දන්නේ බොලිවුඩයට පා තැබීමටත් කලින් බව කියන්න පුළුවන් කාරණාවක්නේ. වැඩිහිටියන්ට පමණක් චිත්‍රපට සඳහා දායක වූ ඇය ඉන්පසු බොලිවුඩයට පැමිණියා. කෙසේ නමුත් සනී නැවතත් පරණ වැඩේ පටන් අරගෙන කියලයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

7/9/16


සිරස ටී.වී. තුළින් විකාශය වන “මේ ආදරයයි“ ටෙලි නාට්‍යය අද අපේ රටේ බහුතරයකගේ ආදරය දිනූ ටෙලි නාට්‍යයක්. ඉන්දියාවේ නිෂ්පාදනය වූ (යේ හේ මොහාබත්න්) නාට්‍යය සිංහලෙන් හඬකවලා තමයි “මේ ආදරයයි“ නමින් අපේ ආලින්දයට එන්නේ.
එහි ඉෂිතගේ චරිතය රඟපාන්නේ දිව්‍යංකා ත්‍රීපති. දිව්‍යංකා මීට දවස්  කීපයකට කලින් විවාහ වුණා. පසුගිය ජූලි 8 වැනිදා විවාහ දිවියට පත් වූ දිව්‍යංකාගේ ආදර කතාවයි ඇගේ සාමාන්‍ය තොරතුරු ටිකකුයි අපි ඔබ වෙත රැගෙන එනවා.

1984-12-14 වැනිදා ඉන්දියාවේ “බෝපාල්” නුවර ඉපදුන දිව්‍යංකා ජනප්‍රිය චරිතයක් බවට පත් වුණේ 2001දී ‘බෝපාල් රූ රැජින’ වීමත් සමගයි. අද නිළියක් විදියට අතිශය ජනාදරයට පත්වී සිටින දිව්‍යංකා පාසල් යන කා‍ලේ කලාවට යොමුවුණේ “ගුවන් විදුලි නිවේදිකාවක්” විදියට. ඒ කා‍ලේ ඇයට වැටුප විදියට ලැබිල තියෙන්නේ ඉන්දියානු රුපියල් 800ක්.

ඉෂිතට වන්දිතා කියල අක්ක කෙනකුයි මිහිකා කියල නංගි කෙනකුයි ඉන්න බව ඔබ දන්නවානේ. දිව්‍යංකට නම් ඉන්නේ ප්‍රියංකා කියලා අක්කා කෙනකුයි, ඓෂ්චර්ය කියලා මල්ලි කෙනකුයි විතරයි. ඉෂිතා ආගම දහමට ලැදි ඉන්දියානු කුල කාන්තාවක්.  දිව්‍යංකත් ඒ වගේමයි. දැඩි හින්දු භක්තික ළඳක් වන ඇය  ධනු ලග්නයේ. දිව්‍යංකත් ඉෂිතා වගේම නිර්මාංශයි.

කාන්තාවන්ට ප්‍රසිද්ධියේ අපහාස කළා යැයි බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට චෝදනාවක් එල්ලවී තිබෙනවා.

කාන්තාවන්ට ප්‍රසිද්ධියේ අපහාස කළා යැයි බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ට චෝදනාවක් එල්ලවී තිබෙනවා.

6/10/16


පසුගිය මාසයේ විවාහ වූ මල්ලිකා ශෙරාවත් සහ සිරිලි අක්ස්ෆෙන්ස් සමග සංචාරයන්වල නියැළෙන බව ඉන්දියානු ගොසිප් වෙබ් අඩවි වාර්තා කරනවා.


6/9/16


සල්මන් ඛාන් සහ ලූලියා වැන්ටුර්ගේ පෙම් කතාව තමයි අද බොලිවුඩ්පුරයේ බොහෝ දෙනකුගේ මාතෘකාව වී ඇත්තේ. ලබන ඔක්තෝබර් මාසයේදී දෙදෙනා යුගදිවියට පිවිසෙන්නට සූදානමින් සිටිනවා.

සල්මන් - ලූලියා අතිනත ගන්නට පෙරුම් පුරමින් සිටිද්දී පැතිරී ගියේ සුළි සුළඟක් වැනි ආරංචියක්.

බොලිවුඩ් තිරය තවත් වර්ණවත් කරමින් නැවුම් තරුවක් පායන්න ළඟයි. මේ යොවුන් තරුව, සයේෂා සයිගාල්. ඇයව හඳුන්වා දෙන්නේ සුපිරි නළු, අජේ දේව්ගන්. තමන්ගේ විසිපස් වසරක සිනමා ජීවිතයේදී බොලිවුඩ් පුරයට අජේ විසින් මුල් වරට හඳුන්වා දෙනු ලබන මේ සුරූපිනිය ඔහු සමඟ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑමට සූදානම්.

චිත්‍රපටයේ නම, ‘ශිවේ’. එහි අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා, අජේ. මේ වන විට 18 වැනි වියෙහි පසුවන සයේෂා මුලින්ම සල්මන් ඛාන්ගේ ඇස ගැටී ඇති බවයි සමහරු කියා සිටින්නේ. “ඇය, ගිනි පුළිඟුවක්!” සයේෂාව දුටු හැටියේම සල්මන් එලෙස කීවාලු. ඔහුගේ ඒ අගය කිරීම අජේට දැනගන්නට ලැබීමෙන් පසුවයි ඇයව ‘ශිවේ’ චිත්‍රපටයට තෝරා ගෙන ඇත්තේ.

1997 අගෝස්තු 12 දා උපන් සයේෂා, සිනමා පවුලක සාමාජිකාවක්. ඇගේ මව (ශාහීන් බානු) සහ පියා (සමීට් සයිගාල්) හින්දි තිරයේ වැජඹුණු තරු යුවළක්. එදා ජය කෙහෙළි නැංවූ නිළියක වූ සයිරා බානු, සයේෂාගේ ලොකු අම්මායි.

6/8/16


"හවුස්ෆුල්" චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය ජුනි 03 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය විය.

සජිද් - ෆර්හාඩ් දෙදෙනාගේ සම අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 80ක වියදමකින් තැනූවකි.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත කිහිපයක්ම තිබේ. ආක්ෂේ කුමාර්, ජැක්ලින් ෆර්නැන්ඩස්, නර්ගිස් පක්රි, අභිෂේක් බච්චන්, රිතෙක් දේශ්මුක්, ලීසා හේඩින් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, බෝමන් ඉරානි, ජොනී ලීවර්, චන්කේ පාණ්ඩේ, ජැකි ෂෙරොෆ් ඩිම්පල් කපාඩියා පිරිස සෙසු චරිත සඳහා එක්වෙති.

ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇතුළත් කර ඇති මෙහි සංගීත අධ්‍යක්ෂණයෙන් මීකා සිං ඇතුළු පිරිසක් එක්ව සිටියි. මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයකම රූපගත කිරීම් කටයුතු සිදු කරනු ලැබු මෙහි සියලු වැඩ කටයුතු මේ වසර මුලදී නිමාවී තිබුණි.

සිනමා විචාරකයින් පවසන්නේ, මෙම චිත්‍රපටය පහසුවෙන් ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව ඉක්මවා යනු ඇති බවයි.

saaravita

5/29/16


නොකඩවා වසර 15ක් ජාත්‍යන්තර සිනමා උලෙළකට සහභාගිවීමට අවස්ථාව උදාවන්නේ අතළොස්සකටයි. ඒ දුර්ලභ වාසනාව හිමිකර ගත් රූ රැජන තමයි ඓශ්වර්යා රායි.

පසුගියදා පැවැති 69 වැනි කාන් සිනමා උලෙළ 15 වැනි වතාවටත් නියෝජනය කිරීමේ වරම ඇයට හිමි වුණා.

ලෝරීල් පැරිස් නම් වූ ලෝක ප්‍රකට සුවඳ විලවුන් වර්ගයේ සන්නාම තානාපතිනිය වශයෙන් ද එම උලෙළට එක්වූ මේ හිටපු ජගත් රූ රැජනගේ ඇඳුම් විලාසිතාවන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නට සමත් වුණා.

ඇඳුම් පැලඳුම් විතරක් නොවෙයි, ඓශ්වර්යාගේ සිහින් තොල් සඟලත් කාගේත් අවධානයට පාත්‍ර වුණා. ඇය මෙවර කාන් උලෙළට සහභාගි වුණේ තම දෙතොල දම්පාටින් වර්ණ ගන්වාගෙනයි. ඇය දෙසට කාගේත් වැඩි අවධානයක් යොමුවීමට එය විශේෂ හේතුවක් වුණා.


මේ දිනවල පැවැත්වෙන ‘ඉන්ඩියන් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරග මාලාවට ‘කිංස් ඉලෙවන් පන්ජාබ්’ ක්‍රිකට් පිල ද ක්‍රීඩා කරනවා.

මේ ක්‍රිකට් පිලෙහි සම අයිතිකාරියක් තමයි, සුරූපී නිළි ප්‍රීටි සින්ටා. තමන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු හයේ පහරක් එල්ල කරද්දී ක්‍රීඩා මණ්ඩපයේ සිට ඔල්වරසන් දෙන ප්‍රීටි, යම් ක්‍රීඩකයකු දැවී ගියහොත් දැඩි ලෙස කම්පනයට පත්වෙනවා.

මෙය හොඳින් දැක ඇති සමහරු පවසන්නේ ජය පරාජය විඳ ගැනීමේ සමබර සිතක් ඇයට නැති බවයි.


බොලිවුඩ්පුරයේ සැබෑ පෙම් කතන්දර එහි චිත්‍රපටවල ගෙතෙන ප්‍රේම වෘත්තාන්ත පරදවන බවක් තමයි දැන් අහන්න දකින්න ලැබෙන්නේ.

මේ පෙම් කතාව ගෙතෙන්නට පටන් ගත්තේ මීට වසර තුනකට පමණ කලින්. එහි කතා නායකයා වුණේ ජනප්‍රිය නළු උදේ චොප්රා. (ඔහු, චිත්‍රපට අධ්‍යක්ෂ ආදිත්‍ය චොප්රාගේ බාල සොහොයුරා) කතා නායිකාව, නාගීස් ෆාක්රි. මේ දෙදෙනා ගැන අලුත් පුවත් දසත පැතිරෙද්දී දෙදෙනාම කීවේ ඒ ආරංචි බොරු බවයි. නාගීස් කීවේ තමන් සහ උදේ අතර පෙම් සබඳකමක් නැති බවයි.

5/7/16


උපන් බිම වෙනුවෙන් දූත මෙහෙවරක යෙදෙන්නට කිසිවකුට හෝ අවස්ථාවක් උදාවීම වාසනාවක් හැටියට සලකන්න පුළුවනි.

එවැනි වාසනාවක් ලැබුවේ අන් කිසිවකු නොව සල්මන් ඛාන් නම්වූ සුපිරි තරුවයි. මෙවර පැවැත්වෙන ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ඉන්දියාව නියෝජනය කරන තානාපතිවරයා ලෙස පත්කර ඇත්තේ සල්මන්වයි.

රිචා චඩ්ඩා යන නම මෙරට බොලිවුඩ් සිනමා ප්‍රේක්ෂකයන්ට නුහුරුයි. මේ වන විට 27 වැනි වියෙහි පසුවන මේ සුරූපී රංගන ශිල්පිනිය මුලින්ම සිනමාවට පිවිසුණේ 2008 දී ඕයේ ලකී - ලකී ඕයේ’ චිත්‍රපටයේ රඟපෑමෙන්.

දැන් ඇය බොලිවුඩ් සිනමාව තුළ හොඳ ස්ථාවරත්වයක් රඳවා ගැනීමට සමත්ව සිටිනවා.

ඒ සාර්ථකත්වය නිසාමදෝ මේ රුවැති නිළියට ඉන්දු - ඇමෙරිකානු නිෂ්පාදනයක් ලෙසින් එළිදකින චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමේ වරම හිමි වෙලා. ‘ලව් - සෝනියා’ නම්වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ටබ්රේස් නූරානියි. නිෂ්පාදකවරයා ඩේවිඩ් වෝමාක්.

ආර්යන් ඛාන් නම්වූ ගැටවරයා කවුරුන්දැයි බොලිවුඩ් සිනමා ප්‍රේක්ෂකයන්ට මතක් කර දිය යුතු නැහැ. සුපිරි නළු ශාරුක් ඛාන්ගේ වැඩිමල් පුත්‍රයා වන ආර්යන් මේ වන විට 19 වැනි වියෙහි පසුවෙනවා.

ලන්ඩන්හි සෙවන් ඕක්ස් පාසලෙහි උසස් අධ්‍යාපනය හදාරමින් සිටින ආර්යන් බොලිවුඩ් කටකතාවලටත් ලක්වෙලා. පසුගිය දා අල්ලපු රටෙන් නිකුත් වූ ආරංචියක සටහන් වුණේ ආර්යන් සහ නව්‍යා නවේලි නන්දා නම්වූ යුවතිය අතර ආදරයක් මෝදු වී ඇති බවයි.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews