Showing posts with label Breaking News. Show all posts
Showing posts with label Breaking News. Show all posts

9/10/16


මරණ දඩුවම නියමකොට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා අද පෙරවරුවේ ව්‍යායාම් සදහා වෙන් කර ඇති කාලයේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වී ඇති බව වාර්තා වෙයි.

8/26/16


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතා වන රෝහිත රාජපක්ෂ සිය පෙම්වතිය සමග සිටින අළුත්ම වීඩියෝවක් මේ වන විය අන්තර් ජාලයේ දකිය හැකිය.

8/8/16


දෙමටගොඩදී පුද්ගලයකු පැහැරගෙනයාම ඇතුළු අධිචෝදනා විසිනමයක් යටතේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ඇගේ ආරක්ෂක නිලධාරීන් හා ආධාරකරුවන් ඇතුළු නමදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරීය.


8/6/16


රජයේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව මීළඟ ජනසටන - පාද යාත්‍රාව වසර අවසානයේ මාතර සිට කොළඹ දක්වා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.කොළඹ සිට මාතර දක්වා  වූ ප්‍රදේශ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ හිටපු පළාත් පාලන ආයතන  නියෝජිතයන් මීළඟ පාද යාත්‍රාව මෙම ප්‍රදේශ නියෝජනය කරමින් පැවැත්විය යුතු බවට යෝජනා කර ඇත.

8/4/16


රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සිදුවූ දින රාත්‍රියේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ දුරකථන භාවිතා කොට එවකට නාරාහේන්පිට ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියාට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබි ඇති බව අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සූක්ෂම ලෙස විමර්ශන සිදුකරන්නේ යැයි නීතිපතිවරයා අද (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා වෙත දැනුම් දුන්නේය.


මහා පරිමාණ වංචා පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය වසරක් තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් රුපියල් කෝටි පහළොස්දහසකට ආසන්න මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

මූල්‍ය වශයෙන් සිදු වී ඇති වංචා ප්‍රමාණය රුපියල් කෝටි පහළොස්දහසක පමණ ප්‍රමාණයක් වුවත් රාජ්‍ය දේපොළ එනම් යාන වාහන, ඉඩකඩම්, ගොඩනැගිලි ඇතුළු රාජ්‍ය දේපොළ යොදාගෙන සිදුකර ඇති වංචාවල වටිනාකම ගණනය කිරීම අපහසු වී ඇත. එහෙත් එම ප්‍රමාණය ද දළ වශයෙන් රුපියල් කෝටි දසදහස ඉක්මවා යා හැකි බව මූල්‍ය අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කරයි.

8/3/16


පාද යාත්‍රාවට කුඩා දරුවකු යොදාගෙන මඩ ගැසීම, දරුවන් සුරකින, ආරක්ෂා කරන, ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු කළ ඉමහත් නින්දාවක් සහ අපහාසයක් බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.



ජයශ්‍රී මහ බෝධින්වන්සේට පැන්පුජා කිරීමට පැන් ලබා ගන්නා ථෙතිහාසික තිසාවැව වැව් රක්ෂිතයේ හොදින් වැඩී තිබූ ගස් විශාල ප්‍රමාණයක් යාන්ත්‍රික කියතක් භාවිතා කරමින් කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කපා බිමහෙලා ඇති බව තිසාවැව අවට වැසියන් පිරිසක් පැවසූහ.

7/31/16


පක්ෂයේ තීරණ වලට අභියෝග කරමින් විනය නීති කඩකරමින් කටයුතු කරන, ජනසටන පාද යාත්‍රාව සඳහා ක්‍රියාකාරීව දායකත්වය සැපයූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පළාත් සභාහි තනතුරු දරන මැති ඇමැතිවරු රැසකට ළඟදීම තම තනතුරු අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග මඟින් හෙළි වෙයි.

7/28/16



රට පාලනය කළ සියලු පක්ෂ එක්ව රටේ නිෂ්පාදන ආර්ථිකය කඩාකප්පල් කළ නිසා අද වනවිට ජනතාවට අවශ්‍ය බොහෝ දේ පිටරටවලින් ගෙන්වීමට සිදුවීම නිසා විශාල මුදල් ප්‍රමාණයක් වසරකට පිටරටට ගලායන බව අනුර කුමාර දිසානායක මහතා අද (27) ගලේවෙල පැවති ජනහමුවකදී පැවසිය .

7/22/16



පෑලියගොඩ ආහාර  ගබඩාවකින් කොකේන් කිලෝ 270ක් අත්අඩංගුවට ගත් බව   පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

 ශ්‍රී ලංකාවෙන් සොයා ගත් වැඩිම කොකේන් තොගය මේ බව පොලිසිය පවසයි.
පස්වරු 6.30 වන විට කන්ටේනරයකින් කොකේන් කිලෝ 270ක් පමණ සොයා ගත් බවත්, තවත් කන්ටේනර දෙකක් පරීක්ෂා කිරීමට ඇති බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමඟ වැටලීම කළ පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.  කිලෝ පනහේ සීනි මළු අතර කොකේ සගවා තිබිණි.

7/16/16



නකල්ස් රක්ෂිතයට පමණක් ආවේනික “ දුම්බර පෙතියා “ නම් මත්ස්‍යයන් බිලි කොකු වලින් අල්ලමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත් බව නකල්ස්  සංරක්ෂණ මධ්‍යස්ථාන නිලධාරීන් පවසයි.

නකල්ස් රක්ෂිතයේ දුම්බර වන නිවහන අසලින් ගලා බසින ඉල්ලකුබුර තෙලිගමුව ඔයේ මෙම මසුන් අල්ලමින් සිටි බව කියති.


මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා කර තිබූ ඉල්ලීමක් අනුව වෛද්‍ය නිර්දේශයන්ට අනුව ඒ මහතාට මෙට්ටයක් ලබා දීමට ලබාදීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇතැයි එහි ආරංචි මාර්ග සදහන් කරයි.

7/9/16


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඹෟෂධ වර්ග සඳහා වැට් බදු අය නොකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිශාඩ් බදියුදීන් මහතා පසුගිය සිකුරාදා (08) පැවසීය. ඒ අනුව හාල්, සීනි, පරිප්පු, බී ඵණු, අර්තපල්, රතු ඵණු, කිරිපිටි, තිරිගු පිටි, වියලි මිරිස්, මුං ඇට, කඩල, සැමන්, හාල් මැස්සෝ, කුකුල් මස් යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඹෟෂධ වර්ග සඳහා වැට් බදු අය නොකරනු ඇත.

NaluNileNews පසුගිය ලිපි කියවන්න

Copyright © Gossip Lanka News කලාවෙන් ඔබ්බට ලෝකය | Powered by NaluNileNews